වෙලේ සුදාගේ නංගි
හෙරොයින් ප්‍රවාහනය කළ වාහනය
මවට අයිති බව හෙළිවේ
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැණුනු වෙලේ සුදාගේ බාල සොහොයුරිය ගමන් ගත් මෝටර් රථය ඇයගේ මවගේ නමට ලියාපදිංචි කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ මෝටර් රථය ඊයේ පරීක්ෂා කළ අවස්ථාවේදී මේ බව අනාවරණ වී ඇති බවයි.
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැණුනු වෙලේ සුදාගේ බාල සොහොයුරිය ගමන් ගත් මෝටර් රථයේ තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 150ක් ඊයේ සොයා ගත්තා.
වෙලේ සුදාගේ බාල සොහොයුරිය වන ගම්පලවිදානගේ දිලිනි නිල්මිණි පසුගිය 21 වනදා බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනේ හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 520 ක් ළඟ තබාගෙන සිටියදියි. මීට පෙර හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරු වූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළා. ඒ හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ළඟ තබාගැනීමේ චෝදනාවටයි.
source - gossip.hirufm.lk
Post a Comment