Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Colombo traffic to crawl at 12kmph  

කොළඹ රථවාහන ධාවන වේගය 
දැන් පැයට කිලෝමීටර් 12යිලු

තව අවුරුදු 2කින් පැයට කිලෝමීටර් 8ක් වෙනවලු
මුල් මාස 9 වාහන 486,000ක් පාරට ඇවිත්
මාළඹේ ඉඳන් රාජගිරියට දවසට වාහන 174,000ක් යනවලු


කොළඹ නගරයේ මාර්ග තදබදය තවදුරටත් පැවතුණහොත්, එය 2020 වනවිට ආර්ථිකය කඩාවැටීමට වුවද හේතුවක් විය හැකි බව මහානගර හා බස්නාහිර පාළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. 
ඊයෙ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සදහන් කළේ, ප්‍රවාහන විශේෂඥයින් කොළඹ නගරයේ වාහන තදබදය පිළිබද දැනටමත් අනතුරු අගවා ඇති බවයි.  අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ, දෛනිකව කොළඹ නගරයට ආසන්න වශයෙන් පුද්ගලයින් මිලියනයක් සහ වාහන ලක්ෂ 5 ක් පමණ ඇතුළු වන බවයි.

මාර්ග තදබදයට විසඳුම් ලෙස ගත හැකි පියවර පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. එමෙන්ම එහිදී අදහස් දැක්වූ පිරිස් සඳහන් කළේ මේ වන විට කොළඹ නගරයේ වාහන ධාවන වේගය පැයට කිලෝමීටර් 12 දක්වා පහත වැටී ඇති බවයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ තත්වය ඉදිරියටද පැවතුනහොත් ඉදිරි වසර 2ක කාලය තුළ රථවාහන ධාවන වේගය පැයට කිලෝමීටර් 8 දක්වා පහල යනු ඇති බවයි.
මේ සඳහා ඇති විසඳුම වන්නේ පොදු ප්‍රවාහන සේවය සංවර්ධනය කිරීම බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ. එමෙන්ම පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටියේ මාළඹේ සිට රාජගිරිය දක්වා දිනකට වාහන 174,000ක් පමණ ධාවනය වන බවයි. එමෙන්ම මේ වසරේ මුල් මාස 9 වන විට වාහන 489,000ක් පමණ ධාවනයට එක්ව ඇති බවත් ඔහු පවසනවා.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ කොළඹ නගරයේ රථවාහන ගැටලූවට විසඳුමක් ලෙස ගාලූ පාර මොරටුවේ සිට මංතීරු 06 ක් කිරීමට යෝජනා වී ඇති බවයි. ඒ අනුව මංතීරු දෙකක විශේෂ බස් රථ සේවාවක් යෙදවීමටද අපේක්ෂා කරන බවයි ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේ.

 එමෙන්ම, රථවාහන තදබදයට විසඳුමක් ලෙස මොනෝ රේල් සේවාවක් ආරම්භ කිරීමටද සැලසුම් කරගෙන යන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels