මගීන් 217 ක් රැගත් රුසියානු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි
ඊජිප්තුවේ - සිනායි අර්ධද්වීපයට ඉහළ අහසේදී මගීන් 217 ක් සහ කාර්ය මණ්ඩලයේ 7දෙනෙකු රැගත් රුසියානු ගුවන් යානයක් අතුරුදන්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගුවන් යානය සිනායි අර්ධද්වීප සීමාව පසුකරනවාත් සමඟම මෙහෙයුම් මධ්‍යස්ථාන සමඟ තිබූ සියලූ සබඳතා බිඳ වැටී ඇති බවයි.
කෙසේ වෙතත්, අතුරුදන්වූ බව කියන ගුවන් යානයේ සුන්බුන් මේවනවිට හමු වූ බව ඊජිප්තු වාර්තා පවසයි. ගිලන් රථ 20ක් පමණ එම ප්‍රදේශයට යවා තිබේ.
වැඩිහිටියන් 200ක් සහ දරුවන් 17ක් යානයේ ගමනට එක්ව සිටි බව සඳහන්.
Post a Comment