අවුරුදු 12ක දැරියක්
සාරි පොටක් ආධාරයෙන්
සියදිවි හානි කරගනී
පාසලේදී ගුරුවරුන් ලබාදුන් අවවාදයක් නොරිස්සූ වැල්ලවාය ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියක් සිය නිවස තුළ දී සාරි පොටක් ආධාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ වැල්ලවාය - මල්වත්තාවල ජාතික පාසලේ 6 වන ශ්‍රේණියේ දැරියක්.
ඊයේ දිනයේ පාසලේදී මෙම දැරියගේ බෑගය පරීක්ෂා කිරීමේදී කිසියම් දෙයක් හමුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දෙමාපියන් කැදවා ඇති බවත් සදහන් කළා.
එහිදී ඇය තම මිතුරියන්ට පවසා ඇත්තේ ගෙළ වැළලාගෙන මිය යන බවයි. මිය ගිය දැරියගේ සිරුර මේ වන විට වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති බව සදහන්. මෙම දැරියට පාසලේ දී ලබාදුන් අවවාදයක් හේතුවෙන් ඇය දිවි හානිකරගෙන ඇති බවත්, සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
උපුටාගැනීම
Post a Comment