Bathiya Replies to the Allegations of charging Rs.276 lakhs for the performance at the opening ceremony of the Bellanwila walking tract – VIDEO
බෙල්ලංවිල වෝකින් ට්‍රැක් විවෘත කළ
සංගීතෙට ලක්ෂ 276 ගත් කතාවට
භාතිය පිළිතුරු දෙයි - වීඩියෝ
වේරැස් ගඟ ව්‍යාපෘතිය ආරම්භක උත්සවය සඳහා රුපියල් දෙකෝටි හැත්තෑහය ලක්ෂයක මුදලක් අයකරගෙන ඇති බවට ප්‍රචාරය වන පුවතට ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි පිළිතුර ලබාදී තිබේ. එහිදී ගීත ගායන කිරීම සඳහා භාතිය සන්තුෂ් මෙසා විශාල මුදලක් අයකළායැයි නැගෙන චෝදනාව ඔහු විසින් සම්පුරණයෙන්ම ප්රතික්ෂේපකර තිබේ. මෙහිදී සිදුවුණේ ප්‍රසංගයක ගීත ගායන කිරීම නොව වේරැස් ගඟ ව්‍යාපෘතිය සමාරම්භක උත්සවය සංවිධානය කිරීම බවත් ඔහු පවසා ඇත.
මෙම උත්සවය සංවිධානය කිරීම අන්තර්ජාතික මට්ටමේ ප්‍රසංග උත්සව සංවිධානය කටයුතු සිදුකරන Showtown නමැති සමාගම විසින් සිදුකළ බවද ජනප්‍රිය ගායක භාතිය විසින් මෙහිදී කරුණු අනාවරණය කර තිබේ. තම ආයතනයේ නම හෝ හරි හැටි නොදැන මෙලෙස වැරදි පුවත් ප්‍රචාරය සඳහා සාවද්‍ය කරුණු යොදාගැනීම පිලිබඳ සිය කණගාටුව පල කරන බවද ඔහු පවසා තිබේ.
කිලෝමීටර් තුනක භුමි භාගයක අලංකාරවත් විදුලි ආලෝකධාරාවන් සැපයීම, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම, විශේෂ ආරාධිතයන්ට වර්ෂාවෙන් ආරක්ෂාවන ලෙස ආසන පැනවීම, පැමිණි සිටි අති විශාල ජනකායට ආසන පැනවීම, LED පුවරු භුමි භාගය පුරාවට මග දෙපස ප්‍රදර්ශනය, දිය මත පාවෙන ආකර්ශනීය වේදිකාවක් ඉදිකිරිම, විදුලි ජනක යන්ත්‍ර දොළහක් භාවිතා කිරීම යන විශාල වැඩකොටසක් මෙහිදී සිදුකළ බවද භාතිය පවසයි. නර්තන කණ්ඩායම්, සංගීත කණ්ඩායම්, ගායක ගායිකාවන්ගේ සිට කාර්මිකයන්, රියදුරන් දක්වා විශාල පිරිසකගේ දායකත්වය සහ තවත් සමාගම් වල සේවාවන් ලබාගනිමින් මෙම විශාල උත්සවය සාර්ථකව සංවිධානය කිරීමට කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
එහෙයින් තම ආයතනය ඉතා පැහැදිලිව සහ විනිවිදභාවයකින් මෙහිදී කටයුතු කර ඇති බැවින් මෙවැනි පදනම් විරහිත මඩ ප්‍රචාර වලට නොරැවටෙන ලෙසද භාතිය සඳහන් කර ඇත.
භාතිය පැවසූ සම්පුර්ණ විස්තරය දැනගන්න පහත වීඩියෝව නරඹන්න...
source - gossip.hirufm.lk
Post a Comment