සැත්කම කරලත් ලී ඉන්නක් ගෙළ හරහා ඇනුණු සිසුවා
මියගිය හේතුව ගැන වෛද්‍යවරු
කියන කතාව - වීඩියෝ
‘‘අත්ත උඩ අඹයක් කකා ඉන්නකොට එකපාරටම වැටුණා‘‘
ඇඟ ඇතුලට ලේ ගිහින් රුධිරවාහිනී වලට තුවාල වෙලා
ගෙලෙහි ලීයක් ඇණී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවා ඊයේ පෙරවරුවේ මියගියා. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ අනතුරෙන් පසුව ශිෂ්‍යයාගේ ශරීර අභ්‍යන්තරයට අධික ලෙස රුධිර වහනය සිදුවී ඇති බවයි.
බුලත්සිංහල - පේරගස්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තුෂාර ඉඳුනිල් පසුගිය දිනෙක පස්වරුවේ සිය බාප්පා සමඟ කුඹුරට ගිය අවස්ථාවේදී අඹ කැඩීමට අසල පිහිටි ගසකට නැග තිබෙනවා. ඉන් ඇද වැටුණු සිසුවා මාන පඳුරකට ඇද වැටී ඇති අතර, එහි තිබූ ලී ඉන්නක් ඔහුගේ ගෙළ හරහා පපු ප්‍රදේශයට ඇතුලූ වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිද්ධිය ඇසින් දුටු ඔහුගේ මිතුරෙකු අදහස් දැක්වූයේ මේ අයුරින්....
‘‘තුෂාර ගහට නැග්ගා අඹ ටිකක් කඩන්නම් කියලා, ටිකක් කඩලා එයා ගෙඩියක් කකා හිටියා අත්ත උඩට වෙලා, පස්සේ එකපාරටම වැටුණු සද්දෙට තමයි මං බැලුවේ. වැටිලා උල ඇණුනා බෙල්ලේ...‘‘
හොරණ මුලික රෝහලෙන් මුලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඇණී තිබූ උණ ලීය ඉවත් කිරීම සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එම ශල්‍යකර්මය සදහා පැය 4 කට ආසන්න කාලයක් ගතවී තිබුණා.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ සිසුවා අනතුරට ලක්වන අවස්ථාවේ ශරීර අභ්‍යන්තරයට අධික ලෙස රුධිරය ගැලීම සිදුවී ඇති බවත් ප්‍රධාන රුධිරවාහිනී වලට ඇතිවූ තුවාල නිසාත් ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවයි. ඔහු කෘත්‍රිම ස්වසන ආධාර යටතේ සිටින කාලයේ වෛද්‍යවරු විවිධ උත්සාහයන් ගත්තත් අවාසනාවන්ත ලෙස ඔහු මියගිය බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ..
Post a Comment