මැර කල්ලියක් ඇවිත් කරාටේ ශූර
නයිට් ක්ලබ් හිමිකරු ඝාතනය කළ
අවස්ථාවේ CCTV දර්ශන
ඇස් විතරක් පේන්න ඇඟම ආවරණය කරලා
පෙට්‍රල් බෝම්බත් ගහලා
අනුරාධපුර - කඩපනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනයට පැමිණි අවස්ථාවේ CCTV දර්ශන මේ වනවිට මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 11.45ට තියුණු ආයුධ අතැතිව මුහුණු ආවරණය කරගෙන පැමිණි 20 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් මෙම රාත්‍රී සමාජශාලාවට ඇතුළු වී පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අනතුරුව එම පිරිස සමාජ ශාලාවේ දේපළවලට ද හානි කරමින් එහි සේවකයින්ට ද පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
සමාජ ශාලාවේ හිමිකරු එම අවස්ථාවේ වෙනත් කාමරයක රැදී සිට ඇති අතර, ආරක්ෂිත කැමරා පද්ධතියෙන් සිද්ධිය නිරීක්ෂණය කර සමාජ ශාලාවේ ඉදිරිපසට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ පැමිණි පිරිස මොහු වට කර බිම වැටෙන තුරු පොලූවලින් සහ කඩුවලින් දරුණු ලෙස පහර දී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අනතුරුව පැමිණි පිරිස කළමනාකරුගේ ලාච්චුවේ තිබූ මුදල් ද විදේශීය මත්පැන් බෝතල් ද කොල්ල කා පැමිණි ලොරියක් වැනි වාහනයකින් පළා ගොස් ඇති බව පොලීසිය කියා සිටියා. එසේ යන අවස්ථාවේදී ඔවුන් සමාජ ශාලාව අසළ නවතා තිබූ වාහනවලට ද හානි කර තිබෙනවා.
CCTV දර්ශන පහතින්......
source - gossip.hirufm.lk
Post a Comment