කරාටේ වසන්ත ඝාතන සැළසුමේ
මහමොළකරුවෙක් අල්ලයි
‘‘එස්.එෆ්. ලොක්කා‘‘ තාමත් නිදැල්ලේ
කරාතේ ශූර වසන්ත සොයිසාගේ ඝාතනය සැළසුම් කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ (28) අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා අතර මොහු සිටින බවයි.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන්කළා. මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනෙකු ඊයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
ඒ අනුව එම සැකකරුවන් අටදෙනාද ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය නියෝග කළේ. මේ අතර පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනාද ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන්ගේ සංඛ්‍යාව විස්සක්.
මෙම සැකකරුවන් අතරින් වැඩි දෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කිහිපයක සැකකරුවන් වීමද විශේෂත්වයක්. අයුතු ජනරාශියක නියැලීම, මිනීමැරීම, මිනීමැරීමට තැත්කිරීම, දේපලවලට අලාභහානි කිරීම, මුදල් කොල්ලකෑම, භාණ්ඩ පැහැරගැනීම ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනායි.
කෙසේ වෙතත් ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හමුදාවෙන් පළා ගිය ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොකූ තවමත් අත්අඩංගුවට ගෙන නැහැ. ඔහු ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
source - gossip.hirufm.lk
Post a Comment