තප්පරේට කිලෝමීටර් 35ක වේගයෙන්
අද පෘථිවිය අසලින් ගමන් කරන
යෝධ ග්‍රාහකයා
අද (31) දිනයේ පෘථිවිය සමීපයෙන් ග්‍රහකයක් ගමන් කරන බව යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනය මගින් තහවුරු කර තිබෙනවා.
මෙම ග්‍රහකය මීටර 400 ක් පමණ පළල වන අතර හඳෙහි ගමන් මාර්ගයට තරමක් ඈතින් ගමන් කරනු ඇති බවත් පෘථිවියත් හඳත් අතර දුර මෙන් 1.3 ගුණයක් පෘථිවියේ සිට ඈතින් තත්පරයට කිලෝමීටර 35 ක පමණ වේගයෙන් ගමන් කරන බවත් එම ආයතනය සඳහන් කරයි.
මෙම ග්‍රහකය පෘථිවිය හෝ හඳ මත ගැටීමක් සිදුනොවන බව තහවුරු වී ඇති බැවින් ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නැති බවයි එම ආයතනය පවසන්නේ.
මෙම ග්‍රහකය පියවි ඇසට නිරීක්ෂණය කළ නොහැකි අතර අඟල් 8 ක් හෝ ඊට වැඩි විශ්කම්භයක් සහිත දුරේක්ෂයක් තුළින් ඉතා පැහැදිලි අහසකදී නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයන් අදහස් කරයි.
නැවත මෙවැනි ග්‍රහකයක් 2027 දී හඳට සමාන දුරකින් ගමන් කරනු ඇත. එහි විශාලත්වය මීටර 800 ක් පමණ වන බව අනාවරණය කරගෙන ඇත.
Post a Comment