එක පවුලකට එක දරුවෙක්
ප්‍රතිපත්තියෙන් චීනය මිදෙයි
එක පවුලකට එක දරුවෙක් යනුවෙන් චීනය විසින් දශක කිහිපයකට පෙර ඇති කළ ප්‍රතිපත්තිය අවසන් කිරීමට එරට රජය තීරණය කර ඇති බව ෂිංහුවා පුවත් ඒජන්සිය පවසයි.
ඒ අනුව, ඉදිරියේදී චීන පවුලකට දරුවන් දෙදෙනෙකු හදාවඩා ගැනීමේ අවස්ථාව උදාවන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම මාධ්‍ය පවසයි.
චීනයේ ජනගහන වර්ධනය සීමා කිරීමේ අරමුණින් වර්ෂ 1979 දී සමස්ත චීනයටම බලපාන ජාතික ප්‍රතිපත්තියක් ලෙස මෙකී විවාදයට තුඩුදුන් ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවුණි.
මේ පියවර හරහා චීනයේ අලුතින් සිදුවන උපත් මිලියන 400ක් අඩුවනු ඇති බවට ඇස්තමේන්තු කළත්, මෙම ප්‍රත්පත්තිය ක්‍රියාවට නැංවීම තුළ එරට වයස්ගත ජනගහණය ශීඝ්‍රයෙන් වැඩිවී ඊට වඩා බරපතල අර්බුදයක් නිර්මාණය කළේය.
එහිදී, මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන පවුල් වෙත දැඩි දඬුවම් පැමිණවුණු අතර, දඩ නියම කිරීම, රැකියාවෙන් නෙරපීම මෙන්ම කලලය විනාශ කරන ලෙස බල කිරීම ඒ අතර විය.
මේ කාලය තුළ චීනයේ ඇතැම් ප්‍රාන්ත තුළ මෙම ප්‍රතිපත්තිය යම් ලිහිල් කිරීමක් සිදුවූ අතර, පසුව අඹු සැමි යුවළගෙන් එක් අයෙකු පවුලේ එකම දරුවා නම්, ඔවුන්ට තවත් දරුවෙකු ලැබීමේ අවස්ථාව උදාකර දීමේ ප්‍රතිපත්තියක් මීට වසර දෙකකට පමණ පෙර ගෙන ආවේය.
Post a Comment