මාතරදී ගුරුවරිය පැහැරගැනීමට හේතුව හෙළිවෙයි -
පරණ පෙම්වතා එක්ක කැමැත්තෙන් ගියා කීවලු -
පස්සේ නෑ කීවලු
කලින් දෙපාරක් උස්සන්න හදලා
මාතර - ඌරුබොක්ක - ඉන්දොල මංසන්ධියේදී ගුරුවරියක පැහැර ගත් ඇයගේ පැරණි පෙම්වතා මීට පෙර අවස්ථා දෙකකදී ද ඇය පැහැර ගැනීමට උත්සාහ කර ඇති බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. මෙම සැකකරු පොලිසිය අත්අඩංගුවට ගත්තේ ගුරුවරිය සමග පැමිණ භාරවීමෙන් අනතුරුවයි.
පෙරේදා උදෑසන පාසලට පැමිණෙමින් සිටියදී වෑන් රථයකින් පැමිණි සැකකරු 28 හැවිරිදි මෙම ගුරුවරිය බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව මේ වනවිට තහවුරු වී ඇතැයි ඌරුබොක්ක පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
කෙසේ වෙතත්, සැකකරු සහ ගුරුවරිය පොලිසියට පැමිණි අවස්ථාවේදී ගුරුවරිය ප්‍රකාශ කර ඇත්තේ තමන් කැමැත්තෙන් ඔහු සමග ගිය බවයි. එහෙත් යළි දෙදෙනා වෙන් වෙන් වශයෙන් ගෙන ප්‍රශ්න කළ අවස්ථාවේදී ගුරුවරිය මෙන්ම සැකකාර ඇගේ පැරණි පෙම්වතා ද පැහැර ගැනීම පිළිබඳ තොරතුරු හෙළි කර තිබෙනවා. ස්ව කැමැත්තෙන් තමන් සමග පැමිණි බවට ප්‍රකාශ කරන මෙන්, සැකකරු ගුරුවරියට තර්ජනය කර ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.
මෙම දෙදෙනා සරසවි අධ්‍යාපනය ලබන කාලයේ ප්‍රේම සබඳතාවක්, පවත්වා ඇති අතර මීට වසර දෙකකට පමණ පෙර එය නවතා තිබෙනවා. එසේම, දෙමසකට පෙර මෙම ගුරුවරිය විවාහ වී ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මීට පෙර අවස්ථා දෙකකදී ගුරුවරිය පැහැර ගැනීම සඳහා සැකකරු උත්සාහ දරා තිබෙනවා. එම සිද්ධීන් දෙකට සහ තමන්ට සිදුකළ තර්ජනවලට අදාළව ගුරුවරිය මාවරල පොලිස් ස්ථානයේ පැමිණිලි 4 ක් සටහන් කර ඇති අතර, වලස්මුල්ල පොලිස් ස්ථානයට ද පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
පෙරේදා සිදුවූ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලීසිය මුලින්ම අත්අඩංගුවට ගත්තේ සැකකරුගේ බාල සොහොයුරායි. ඔහු මොරවක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.
අනතුරුව පැහැරගැනීමේ සිද්ධියට අදාළ වෑන් රථය සහ එහි රියදුරු සමඟ ඇඹිලිපිටියේදී පොලීසිය අත්අඩංගුවට ගත්තා.
ඉන් පසුවයි පැහැරගැනීම සිදුකළ ගුරුවරියගේ පැරණි පෙම්වතා ඇය සමඟ පැමිණ නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවුණේ.
අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඔහු සරසවි අධ්‍යාපනය ලබන අවධියේ එක් කාලසීමාවක පැවිදි වී සිටි බවට ද අනාවරණ වී තිබෙනවා.
Source - gossip.hirufm.lk
Post a Comment