මූණවත් බලා කතා නොකරන මහින්ද සහ චන්ද්‍රිකා
මළගෙදරකදී හමුවුණු අවස්ථාව -
වීඩියෝ
මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත මොහාන් පානබොක්කේ හට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග ඊයේ (21) සහභාගී වුවා. බස්නායක නිලමේවරයාගේ දේහය තැන්පත් කර තිබුණේ මහනුවර වීරකෝන් ගාඩ්න් හි පිහිටි ඔහුගේ නිවසේයි.
ප්‍රථමයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනාය බස්නායක නිලමේවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වා ඇති අතර, ඊට සුළු වේලාවකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද එම නිවසට පැමිණ ඔහුට අවසන් ගෞරව දැක්වූවා. දෙදෙනාම අවසන් ගෞරව දක්වා එම අවස්ථාවට පැමිණ සිටි පිරිස සමඟ කථාබහක නිරතවූ බවයි වාර්තා වන්නේ.
එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අතර කිසිදු කථාබහක් හෝ සිනහවක් සිදුනොවූ බවද ආරංචි වනවා.
Post a Comment