පන්ති ගිය සිසුවියන් 8කට අතවර කළ
උපාධියක් ගත්ත
ටියුෂන් සර්
9 හැවිරිදි පාසල් දැරියන් 8 දෙනෙකුට ලිංගික අතවර සිදුකළ බව පැවසෙන උපකාරක පන්ති ගුරුවරයෙකු අනුරාධපුර - පදවිය - රුවන්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරියන් මාපියන් සමඟ පැමිණ පදවිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සිසුවියන් 9 දෙනා ඊයේ (21) අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකිරීමට නියමිතව තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.
මෙම සිසුවියන්ගෙන් එක් අයෙකුගේ වයස අවුරුදු 11 ක්. තුන්දෙනෙකුගේ වයස අවුරුදු 10 ක් වන අතර, තවත් 3 දෙනෙකු 9 හැවිරිදි වියේ ද, තවත් දෙදෙනෙකු 8 හැවිරිදි වියේ ද පසුවනවා.
සිසුවියන්ගේ දෙමව්පියන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණේ අදාළ උපකාරක පන්තියේම වෙනත් ගුරුවරියක් සිදුකළ දැනුම්දීම මතයි. සිසුවියන් 9 දෙනා සැකකාර ගුරුවරයාගෙන් තමන්ට සිදුවූ අතවර පිළිබඳව ඇයට ප්‍රකාශ කර තිබුණා.
විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අතරතුර 25 හැවිරිදි සැකකරු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉංග්‍රීසි උපකාරක පන්ති පවත්වා තිබෙනවා.
Source - gossip.hirufm.lk
Post a Comment