Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Married woman who want leave her husband to go with boy friend  

අනියම් පෙම්වතා තමන්ට ඕනි බව කියමින් 
කසාද සැමියා එපා කියා 
තහනම් ඇසුරට ගිය පුදුම බිරිඳක්

පළමු පුතා සැමියාගෙලු
දෙවන පුතා පෙම්වතාගෙලු
අවුරුදු 3ක් හොරෙන් ආදරේ කරලා
තමාගේ දෙවන දරුවා අනියම් පෙම්වතාට දාව උපන් බව කියමින් පෙම්වතා නැතිව තමාට ජීවත් වී පලක් නැතැයි පවසා විවාහක දෙදරු මවක පොලිසියේදී සැමියා ප්‍රතික්ෂේප කළ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මීට වසර  පහකට පමණ පෙර තලාතුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි ඉහත කී තරුණිය වැලිමඩ ප්‍රදේශයේ අල වගාවේ නියුක්ත තරුණයකු හා විවාහ වී වැලිමඩ ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබෙනවා. පසුව ඇය සැමියාගේ ඥාති සොහොයුරකු හා අනියම් ඇසුරක් අරඹා ඇති අතර වසර තුනක පමණ කාලයක් තිස්සේ එය රහසේ පවත්වාගෙන ගොස් තිබෙනවා.
මේ අතර ඇය පසුගිය දිනෙක තම දරු දෙදෙනා ද ස්වාමිපුරුෂයාද අතහැර  අනියම් පෙම්වතා සමඟ පදිංචියට ගොස්  තිබෙනවා. නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය සියලු පාර්ශවයන් කැඳවා පවුල් ආරවුල විසඳීමට යෑමේදී එම දෙදරු මව ප්‍රකාශ කර ඇත්තේ තමාට අනියම් පෙම්වතා අවශ්‍ය බවත් ස්වාමියාගෙන් තමාට පලක් නැති බවත්ය. 
පොලිස් නිලධාරීන් පවුල් ආරවුල විසඳීමට තැත් කරද්දී කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ තමාගේ දෙවන දරුවා තම පෙම්වතාට දාව උපන් බවයි. එම අවස්ථාවේ අනියම් පෙම්වතාගේ මවුපියන් ප්‍රකාශ කර ඇත්තේ එය අමූලික බොරුවක් බවත් තම පුතාගේ කරේ එල්ලීමට මෙම තැනැත්තිය බොරු කියන බවත්ය. එහෙත් ඇය එකහෙළාම ප්‍රකාශ කර ඇත්තේ තම දෙවැනි දරුවා පෙම්වතාගේ බවයි.
අවසානයේදී මෙම ගැටලුව විසඳීම සඳහා මොවුන් තිදෙනාම ජාන පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බවට වාර්තා වේ.

Source - gossip.hirufm.lk

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels