කොණ්ඩයාගේ ඔක්කොම ඉවරයි
දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ඇප ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණි තිබෙනවා. දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ ඇප ලේඛනයට ඔහුගේ මව අද (23) පෙරවරුවේ අත්සන් තබා තිබුණා.
සේයා ඝාතන නඩුවෙන් නිදහස් වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාට අත්වී ඇති ඉරණම ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශනය පිළිබඳව යළි සිතා බැලීමට අවස්ථාවක් උදාකර ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ උදුල් ප්‍රේමරත්න පවසනවා.
පොලිස් අත්අඩංගුවේ සිටියදී කොණ්ඩයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පහරදී ඇති බව පවසමින් පසුගියදා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කළේද මෙම නීතීඥවරයායි.
කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතන නඩුවෙන් නිදහස් වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා වෙනත් නඩුවක් සඳහා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි ඔහුට ඇප නියමවුණා.
කෙසේ වෙතත් ඔහු යළිත් බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක පෙරේදා (21) නියෝග කළේ ඇප ලබාදීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන්. අධිකරණ පරිශ්‍රයට කොණ්ඩයාගේ මව සහ සහෝදරිය එදින පැමිණ සිටියද ඔවුන් කොණ්ඩයාට ඇප ලබාදීමට ඉදිරිපත් වූයේ නැහැ. තම සහෝදරයා ඇප ලබා නිදහස්වී පැමිණියහොත් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ඇප ලබාදීමට ඉදිරිපත් නොවූ බවයි එහිදී කොණ්ඩයාගේ සහෝදරිය සඳහන් කළේ.
සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට කොණ්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත්ට චෝදනා එල්ලවී තිබෙනවා.
source - gossip.hirufm.lk
Post a Comment