ඇප ලැබී නිදහස් වුණු කොණ්ඩයා
ප්‍රථමවරට මාධ්‍යට කී ආන්දෝලනාත්මක කතාව -
වීඩියෝ
මගේ නම කොණ්ඩයා නෙවෙයි
මම කැලේ ඉන්නේ නෑ, මඩේ නිදියන්නේ නෑ
කේබල්, හෝස්, පොලු වලින් ගැහුවා
සේයා දූෂණය කරා කියලා මම කීවේ නෑ
දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ඇප ලබා බන්ධනාගාරයෙන් අද පිටතට පැමිණියා. දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ ඇප ලේඛනයට ඔහුගේ මව අද (23) පෙරවරුවේ අත්සන් තබා තිබුණා.
සේයා ඝාතන නඩුවෙන් නිදහස් වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ත නාමයෙන් හැදින්වූ මොහු මේ වන විට මාධ්‍යට සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.
ඔහු පවසන්නේ තමන්ට කොණ්ඩයා යන නම දැමුවේ මාධ්‍යයෙන් බවයි. එමෙන්ම තමන් කැලේ ජීවත්වන බවටත්, මඩේ නිදියන බවටත් කී කතා සියල්ල බොරු බව ඔහු පවසා සිටියා. සේයා ඝාතනය ගැන පාපොච්චාරණය කළේ නැති බවත් ඔහුට කොලේක අත්සන් කරන ලෙසත් CID විසින් පැවසූ බව මොහු වැඩිදුරටත් පවසා සිටියා.
ඔහු මාධ්‍යට වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්....
source - gossip.hirufm.lk
Post a Comment