දරුවන්ද එපා කියා වෙනත් අනියම් සැමියෙකු හා
අනියම් බිරිඳක් සොයා ගිය
මෙහෙමත් අම්මා තාත්තලා - වීඩියෝ
කුඩා දරුවන්ට සිදු වූ විවිධ අකටයුතුකම් පිළිබද පසුගිය කාලය පුරා අපට අසන්නට දකින්නට ලැබුණා. දරුවන් පණ මෙන් සුරැකිය යුතු වකවානුවක තම දරුවන් අත හැර දමා ගොස් සිටි දෙමාපිය යුවළක් අත්අඩංගුවට ගැනීමට රඹුක්කන පොලිසිය ඊයේ සමත් වුණා.
රඹුක්කන, අලුගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණ අඹුසැමි යුවළ තම දරුවන් අතහැර ගියේ මීට වසර එක හමාරකට පෙරයි. වයස අවුරුදු 29 ක් වන මව ඇයගේ අනියම් සැමියා සමග පිළියන්දල ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති අතර, 34 හැවිරිදි පියා ඔහුගේ අනියම් බිරිඳ සමග රඹුක්කන ප්‍රදේශයේ වාසය කර තිබෙනවා.
ඉන්පසු ආබාධිත වූ බාලපුතු, වයස අවුරුදු 14 ක් වූ දියණිය සහ අවුරුදු 8 ක් වූ පුතු හැදී ආච්චිගේ සහ සීයාගේ නිවසේ. අදාළ පැමිණිල්ලට අනුව රඹුක්කන පොලිසිය දරුවන්ගේ මව සහ පියා සොයා ගැනීමට උත්සාහ කළා.
පොලිසිය පැවසුවේ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලිසියට පැමිණෙන ලෙසට මවට දැන්වූ බවයි. ඒ ආකාරයෙන්ම දරුවන්ගේ පියාද පොලිසියට ගෙන්වාගෙන තිබෙනවා. රඹුක්කන පොලිසිය සදහන් කළේ පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
කෙසේ වෙතත් දරුවන් ඔවුන්ගේ භාරයට යොමු කිරීමට පොලිසිය කටයුතු කළේ නැහැ. දියණිය මිත්තණියටත්, ආබාධිත දරුවා සහ අනෙක් පිරිමි දරුවා කෑගල්ල රෝහලටත් ඇතුළු කිරීමට පොලිසිය පියවර ගත්තා.
කෙසේ වෙතත් දරුවන් ඔවුන්ගේ භාරයට යොමු කිරීමට පොලිසිය කටයුතු කළේ නැහැ. දියණිය මිත්තණියටත්, ආබාධිත දරුවා සහ අනෙක් පිරිමි දරුවා කෑගල්ල රෝහලටත් ඇතුළු කිරීමට පොලිසිය පියවර ගත්තා.
එහි වීඩියෝව පහතින්......
Source - gossip.hirufm.lk
Post a Comment