විලිරුදා ඡායාරූප අන්තර්ජාලයට එක්කල
වෛද්‍යවරියගේ
වැඩ තහනම්
වෛද්‍ය වරුන් විසින් රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස ලෝකයම පිළිගත් කාරණයකි.
මැලේසියාවේ රෝහලක සූතිතාගාරයක දරුවකු ප්‍රසූත කරන සැත්කමක් අතරදී එම ගැබිනියගේ ශරීරයේ කොටස් පෙනෙන අයුරින් ජයාරූපයක් ගැනීමට අවසරදී එම ඡායාරූපය සමාජ ජාල වෙබ් අඩවියකට මුදාහැරි වෛද්‍යවරියක් පිලිබද පුවතක් අන්තර් ජාල පුවත් වෙබ් අඩවි වාර්තා කළා.
මෙම ඡායාරූපයේ අකාරයට මෙය සෙල්ෆි ජයා රූපයක් නොවෙන බවත් එය තව පුද්ගලයකු විසින් ලබාගත් ඡායාරූපයක් වන බවත් පෙනීයයි.මෙම ඡායාරූපයේදී වෛද්‍යවරිය අතින් පෙන්නූ සලකුණ ලෙස සදහන් වන්නේ වී සලකුණයි. එයින් ජයග්‍රහණය සංකේතවත් වෙයි.මේ සිදුවීම නිසා එම වෛද්‍යවරියගේ වැඩ තහනම් කර ඇතිබව මැලේසියානු රජයේ වෛද්‍ය බලධාරීන් සදහන් කර ඇත.
Post a Comment