ෆෙස්බුක් මගින් ජනපතිට අපහාස කලැයි
දකුණේ මන්ත්‍රී
රිමාන්ඩ්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වියහැකි පරිදි දැන්වීමක් ෆෙස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මගින් මුදාහැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.
අදාළ සැකකරු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
රහස් පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වියහැකි දැන්වීමක් සැකකරු විසින් ෆෙස්බුක් වෙබ් අඩවියට මුදා හැර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදාළ සැකකරුගේ ජංගම දුරකථනය ලබාගෙන කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමුකර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත්කරන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අදාළ සැකකරු ලබන 05වනදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.
පොලීසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් බන්ධානාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීමට ද අවසර ලබාදී තිබේ.
Post a Comment