සර්ප විෂට පේරාදෙණිය කැම්පස් එකෙන්
හොයාගත්ත අලුත්ම බෙහෙත -
වීඩියෝ
වසර 4ක් පුරා සිදුකළ පර්යේෂණවලින් අනතුරුව සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් සොයා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත් වී තිබෙනවා.
එහි වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දික ගවරම්මාන ඇතුළු පර්යේෂක කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුවයි මෙම ඖෂධය සොයාගෙන ඇත්තේ. මෙතෙක් මෙරට සර්ප විෂ සඳහා ඉන්දියාවෙන් ආනයන කළ ඖෂධ භාවිත කළ අතර ඒ සඳහා අධික මුදලක් වැය වනවා.
මහනුවර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී නව ඖෂධය සම්බන්ධයෙන් අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක කියා සිටියේ මෙම බෙහෙත මෙතෙක් භාවිත කළ ඖෂධවලට වඩා සිව් ගුණයක ප්‍රබලතාවකින් යුක්ත බවයි. එසේම එමගින් රෝගියාට ඇති වන අතුරු ආබාධ 90%ක් අඩු වන බව ඔහු අවධාරණය කළා.
source - gossip.hirufm.lk
Post a Comment