මහත්තයා ගෙදර එද්දී
නෝනා ගේ ඇතුලේ
ලේ විලක
මාතර - මොරවක - පැලවත්ත - මෝරුපිටිය ප්රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඇය 56 හැවිරිදි කාන්තාවක් වන අතර, සැමියා රැකියාව ලෙස පාසල් ළමයින් ප්රවාහනය කළ අයෙක්.
මෙම කාන්තාව ඊයේ සිය සැමියා සමඟ පාසල් ළමයින් රැගෙන ඒමට වෑන් රථයෙන් ගොස් ඇති අතර, සැමියා නැවත ඇයව නිවසට ඇරලවා තිබෙනවා.
ඒ අනෙක් ළමයින් නිවෙස් වෙත රැගෙන යාමට පිටත්වීමට පෙරයි. පසුව නිවස වෙත පැමිණි සැමියාට, පිහි ඇනුමකට ලක්ව මියගොස් සිටි බිරිඳගේ සිරුර හමුවී තිබෙනවා. ඉන් අනතුරුවයි ඔහු ඒ පිළිබඳ මොරවක පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
Source - gossip.hirufm.lk
Post a Comment