17 පාසැල් සිසුවා අත්අඩංගුවට ගන්න කලින්
සදෙව්මි ගැන ෆේස්බුක් එකෙත් පෝස්ට් දාලා
‘‘මගේ යාළුවා වැරදි නෑ‘‘
පසුගියදා සේයා සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුවා ඊයේ දිනයේදී නිදහස් කරනු ලැබූ අතර ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයාද නිදහස් කරනු ලැබුවා. ඔවුන් නිදහස් වීමෙන් පසුව මාධ්‍යවෙත අදහස් පලකර තිබූ අතර සිසුවා පවසා ඇත්තේ තමන්හට සිදුවුණු මෙම කළු පැල්ලම මකා ගැනීමට හැකිවේයැයි තමන් නොසිතන බවයි.
එමෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ ෆේස්බුක් ගිණුමේද සදෙව්මි හට සිදුවූ අපරාධය සම්බන්ධයෙන් විරෝධය පළකර පෝස්ට් කිහිපයක් පලකර තිබුණා.
ඔහුගේම පාසැලේ මිතුරෙකු විසින් ඒ සම්බන්ධයෙන් අපහට මීට දින කිහිපයකට පෙර දැනුවත් කර තිබූ අතර ඔවුන් පවසා සිටියේ තම මිතුරා මෙම සිද්ධියට සම්බන්දයෙන් වරකරුවෙකු නොවන බවත් ඔහු විසින් ෆේස්බුක් ගිණුමේ පවා එයට විරෝධය පලකරමින් පෝසට් මිතුරන් අතර Share කර තිබූ බවයි.
ඔහුගේ ප්‍රකාශයද සත්‍යයක් බවට පත් කරමින් 17 හැවිරිදි සිසුවාට නිදහස ලැබුණු අතර ඔහු සදෙව්මි සම්බන්දයෙන් ෆේස්බුක් වෙත එක්කර තිබූ පොස්ට් පහතින්.....



Post a Comment