Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Two boys beat women - update  

තරුණයින් දෙදෙනාගෙන් ගුටි කෑ වීඩියෝවේ තරුණිය කතා කරයි - වීඩියෝ
‘‘ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි නම් අනිත් අයට ප්‍රශ්නයක් නෑනේ‘‘
තරුණයෙකුට ඇස් ඉදිමෙන්නත් ගහලා

සමාජ ජාල වෙබ් අඩවි තුල මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති තරුණියකට පහරදීමේ වීඩියෝවේ සිටින තරුණයින් දෙදෙනා සහ තරුණිය කටුනායක පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, වසරකට පෙර ඇති වූ එම සිද්ධිය මේ වනවිට සමථයකට පත්කර ගෙන ඇති බවයි.  එම සිද්ධියට සම්බන්ධ තරුණයා සහ තරුණිය ඒ පිළිබඳව කටුනායක පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබුණේ ඊයේ රාත්‍රියේයි. එමෙන්ම පහරකෑමට ලක්වූ තරුණිය සිද්ධිය සම්බන්ධයෙන් පවසන්නේ මෙවන් අදහසක්.

‘‘අවුරුද්දකට කලින් වෙච්ච දෙයක්. සමාජයට ගිහිල්ලා තියෙන වැරදි ආකාරයකින්. ෆේස් බුක් දාලා තියෙන්නේ වැරදි විදිහට. අපි චාරිකාවක් ගියා කියලා නාන්න ගියා කියලා. ඒක වැරදියි. එතන චූටි රණ්ඩුවක් ගියා. එච්චරයි. ඊට පස්සේ ඇවිල්ලා කතා කරලා ඔක්කොම හොදින් හිටියා. දැනුත් කතා බහ කරලා හොදින් ඉන්නවා. විඩියෝ එකක් ගත්තා කියලා දන්නේ නැහැ.  ෆෝන් එකේ අයිතිකාරයා වීඩියෝ එකක් තිබුණා කියන්න. ඒගොල්ලෝ පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙන තිබුණේ. සැකකරන්නේ ෆෝන් එක හදන්න දීපු තැන ඒක පිටට ගියා කියලා. දැනට හොයාගත්ත විදිහට දාලා තියෙන්නේ කටුනායකින්.“

මේ අතර අදාළ වීඩියෝවේ  තරුණියට පහරදුන් තරුණයාට ඊයේ කිසියම් පිරිසක් පහරදීමක් සිදුකර තිබෙනවා. පහරකෑමට ලක්වූ තරුණයා තමන් මුහුණදුන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට කැමැත්ත පළකළේ නැහැ.


Hirugossip

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels