සේයාගේ ඝාතනයෙන් නිදහස් වුණු
දුනේෂ් තමන්ගේ පෙම්වතිය ගැන
හෙළිකරයි - වීඩියෝ
source - gossip.hirufm.lk
එයා නුවර කෙනෙක්,
සිද්ධියෙන් පස්සේ එයත් නැතිවුණා,
පොලිසිය බිත්තියේ ඔළුව ගැහුවම පැළිලා ගියා,ගහන එක ඉවසන්න බැරි නිසා අත්සන් කළා.
සිද්ධියෙන් පස්සේ එයත් නැතිවුණා,
පොලිසිය බිත්තියේ ඔළුව ගැහුවම පැළිලා ගියා,ගහන එක ඉවසන්න බැරි නිසා අත්සන් කළා.
සේයා සදේව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත ඊයේ දිනයේ ඇපමත නිදහස් වුණේ ඔහුගේ මව විසින් ඇපයට අත්සන් කිරීමෙන් පසුවයි.
නිදහස ලබා එළියට පැමිණීමෙන් පසු දුනේෂ් විසින් මාධ්‍යට සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතරම ඔහු පසුව මාධ්‍ය සාකච්ඡාවකටද සහභාගී වී සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම පොලිසියේදී තමන්ට වුණු හිරිහැර සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළා. එමෙන්ම ඔහුගේ පෙම්වතිය සම්බන්දයෙන්ද මෙහිදී අදහස් දැක්වීම විශේෂත්වයක්.
දුනේෂ් තනියම සිටින අවස්ථාවක සිවිල් දෙදෙනෙකු පැමිණ තමන්ගේ නම් ගම් ඇසූ බවත්, විස්තර සියල්ල ලියාගෙන දුරකථනයේ මෙමරිය මෙන්ම ඇඳුම්ද බලා ඔවුන් ගිය බවත් දුනේෂ් පවසනවා. පසුව ගම්පහ පිහිටි නිවසට පැමිණ යාළුවෙකුගේ කුඹුරු වැඩ කරමින් සිටියදී තමන් අත්අඩංගුවට ගත් බවයි ඔහු පවසා සිටියේ.
තමන්ගේ ඇස් බැඳගෙන ඔවුන් රැගෙන ගිය බවත් කකුල් දෙකට ගැසූ නිසා තමන් වැටුණු බවත් දුනේෂ් වැඩිදුරටත් පවසා සිටියා. ඒ අවස්ථාවේ පොහොර කවරයක් වැනි යමක් ඔළුවට දමා ජිප් එකකට දමාගත් බවත් ඔහු පවසා සිටියා.
සේයාගේ සිදුවීමට තමන් අත්අඩංගුවට ගත් බව දැනගත්තේ CID එකට රැගෙන ගොස් පහරදෙන අවස්ථාවේ බවත්, ඔවුන් පැවසුවේ සාක්ෂි සියල්ල සොයාගෙන ඇති බවත් සේයා රැගෙන ගිය අයුරු හා මරණයට පත්කළ අයුරු පවසන ලෙසත් කියමින් පහර දී තිබෙනවා.
එමෙන්ම ගහරදෙන අවස්ථාවේ තමන්ව බිත්තියක වැද්දූ බවත් ඒ හේතුවෙන් ඇසට ඉහළින් පැලී තුවාල සිදුවූ බවත් ඔහු පවසා සිටියා. පහරදුන් ආකාරය දරාගත නොහැකි නිසාවෙන් තමන් කටඋත්තරයට අත්සන් කළ බවයි දුනේෂ් වැඩදුරටත් පවසා සිටියේ.
මේ පිළිබඳව කතාකිරීමට එම අවස්ථාවේ තමන්ට නිතීඥයෙකු නොසිටි නිසාවෙන් අධිකරණය හමුවේ සිද්ධිය පිළිබඳව කරුණු දැක්වීමට දුනේෂ්ට නොහැකි වී තිබෙනවා. තමන් කායවර්ධනයට උනන්දු අයෙක් බවත් ඔහු පවසා තිබෙනවා.
එමෙන්ම තමන්ට පෙම්වතියක් සිටි බවද දුනේෂ් මාධ්‍ය හමුවේ පවසා සිටියා. ඇය මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ තරුණියක් බවත් සේයාගේ සිදුවීමේදී ඔහුට එල්ල වූ චෝදනා නිසාවෙන් එහ සම්බන්ධයද නැතීවී ගිය බව දුනේෂ් වැඩිදුරටත් පවසා සිටියා.
එහි වීඩියෝව පහතින් නරඹන්න......
source - gossip.hirufm.lk
Post a Comment