වකුගඩු රෝගකාරක අඩංගු පොහොර සහිත
පෞද්ගලික සමාගමක ගබඩාවකට
මුද්‍රා තබයි - වීඩියෝ
පෞද්ගලික පොහොර සමාගමකට අයත් පෑලියගොඩ පිහිටි තොග ගබඩාවකට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මුද්‍රා තබා තිබෙනවා. මීට හේතු වී තිබෙන්නේ නිසි ප්‍රමිතිය ඉක්මවා එහි ගබඩා කර තිබූ පොහොරවල වකුගඩු රෝග කාරකයක් ලෙස සැලකෙන කැඩ්මියම් වැඩි ප්‍රතිශතයක් අඩංගු වී තිබීමයි.
සාමාන්‍යයෙන් පොහොර කිලෝග්‍රෑම් එකක අඩංගු විය යුතු කැඩ්මියම් ප්‍රමාණය ලෙසට නිර්දේශ කර තිබෙන්නේ මිලිග්‍රෑම් 05 ක්.
නමුත් පෑලියගොඩ පිහිටි එම පොහොර ගබඩාව තුළ තිබූ පොහොරවල කිලෝග්‍රෑමයක කැඩ්මියම් මිලිග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් තිබූ බව වැටලීමේදී හෙළි වුණා. මෙම කැඩ්මියම් ප්‍රමාණය 300% ක අගයකින් වැඩිවීමක්.
ඒ අනුවයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක අදාළ පොහොර ගබඩාවට මුද්‍රා තබන ලෙස බලධාරීන්ට දැනුම් දුන්නේ.
එහි වීඩියෝව පහතින්....
source - gossip.hirufm.lk
Post a Comment