Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Seya sadewmi murder case suspect 17years old boy's dna not matched  

,

කොටදෙණියාවේ 17 හැවිරිදි සිසුවාගේ DNA 
නොගැළපෙන බවට හෙළිවෙයි
සැකකරුවන් අදම නිදහස් කරන්නලු

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ ඩී.එන්. පරීක්ෂාව අනුව සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් කර සිටින පළමු සැකකරුවන් දෙදෙනාගේ ඩී.එන්.ඒ. සාම්පල සමඟ නොගැලපෙන බව මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ අද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.

ඒ, අදාළ නඩුව  අද දිනයේ කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයට පත් කර සිටින 17 හැවිරිදි පාසල් සිසුවාගේ සහ එක්දරු පියාගේ මුද්‍රා තැබූ ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාව පොලීසිය ඊයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.


නඩුව කැඳවූ අවස්ථාවේදී රහස් පොලීසියේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පළමු සැකකරුවන් දෙදෙනා අද දිනයේම නිදහස් කරන ලෙසයි. ඒ අනුව අදාළ සැකකරුවන් අද දිනයේම අධිකරණයට ඉදිරිපත් ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට විනිසුරුවරයා නියෝග කළා.

එමෙන්ම සිසුවාගේ මානව හිමිකම් කඩවී ඇති බවටද පසුගියදා එම කොමිසම හමුවේ පැමිණිල්ලක් කර තිබුණා. රට පුරා සිදුවන ඝාතනයන් වලක්වන ලෙසින් පැවැති උද්ඝෝෂණවලදීද කියැවුනේ අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙසත් සාක්ෂි නොමැතිව සිටින පුද්ගලයින්ට සාධාරණය ඉටු කරන ලෙසත්ය.


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels