Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

pres school teacher put plaster on student mouth  

දැරියගේ කටේ ප්ලාස්ටර් අළවා 
ගෙදර එවූ අපූරු ටීචර්

අද ලෝක ළමා දිනයයි. රටම ලෝක ළමා දිනය සමරද්දී පෙර පාසල් දැරියකගේ කටට ඇය ඉගෙනුම ලබන පාසලේ පාලිකාව 'ප්ලාස්ටරයක්' අලවා එවීමේ සිද්ධියක් උතුරු කොළඹ මෝදර පිහිටි එක්තරා පෙර පාසලකින් වාර්තා වනවා.

දැරියගේ කටට ප්ලාස්ටර් ගසා ඇති අයුරු දැකීමෙන් කලබලයට පත් දැරියගේ මවුපියන් සැණින් දැරියගේ මුඛයේ අලවා තිබූ 'ප්ලාස්ටරය' ගලවා දමා ඇයගෙන් මේ ගැන ප්‍රශ්න කර තිනෙවා. තරමක බියගුලු ස්වභාවයකින් පසු වූ ඇය ඒ ගැන කිසිවක් පවසා නැත.

මෙයින් කෝපයට පත් මවුපියන් වහා දැරියත් කැටුව පාසලට ගොස් තිබෙනවා. පෙර පාසල් ගුරුතුමිය එහිදී දැරියගේ මවුපියනට කදිම පිළිතුරක් දී තිබෙනවා.

'ඔයාලාගේ දුවට හරියට කේන්ති යනවා. එයා අනෙක් ළමයින්ව හපා කනවා. එනිසයි මම එහෙම දෙයක් කළේ.'

ඉන් අනතුරුව දෙපක්ෂය අතරේ ඇති වූ තද බහින්බස් වීමකින් පසු දැරිය එම පාසලෙන් අස් කරගත් මවුපියන් ඇයව වෙනත් පාසලකට ඇතුළු කිරීම සඳහා පියවර ගෙන තිබේ.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels