අජිත් අයියගෙ තට්ටෙට තමයි මං වශී වුණේ
අජිත් මුතුකුමාරණ සහ කේ. සුජීවා කියන දෙන්නව රටේ කවුරුත් අඳුනන්නේ ප්‍රසංග වේදිකාව හැඩකරන චරිත දෙකක් හැටියටයි. මේ දෙන්න ගැන වෙන වෙනම දන්නවා වුණාට, දෙන්නා එක වහලක් යටට ආපු බව දන්නෙ බොහොම ටික දෙනයි. රිවිසරසිය ඒ දෙන්නගේ ගෙදරට ගොඩවුණා පුංචි කතාබහකට.
දෙන්නත් එක්ක හංගගෙන ඉඳපු රහස එළිකරන්නයි අපි හදන්නේ?
ඒක රහසක් විදියට හංගගෙන ඉඳපු දෙයක් නමෛයි.ඒත් අපි එකතුවුණු මුල් කාලෙදිම අපි හිතුවා අපි මේ අලුත් ජීවිතේ ගැන මාධ්‍යවලට පස්සෙ දවසක කියමු කියලා.
ඉතිං එහෙම එක ගෙදරකට ඇවිත්, හරියටම අවුරුද්දක් ගතවුණාට පස්සෙයි මේ අපි ගැන මාධ්‍යයට කියන්නේ.

කොයි කාලෙද ඉතින් දෙන්න එක වහලක් යටට ආවේ?
හරියටම අවුරුද්දකට කලින් සැප්තැම්බර් මාසෙදි. සුජීවාගේත්, අජිත්ගේත් ජීවිතවල තිබුණු ප්‍රශ්න කැලඹිලි සමය දැන් ඉවරයිද? දෙන්නගෙම ජීවිත දැන්නම් හරිම ලස්සනට ගලාගෙන යනවා. මගේ කලින් විවාහය කඩාවැටුණට පස්සේ මම අවුරුදු තුනක් තනියම ජීවත්වුණා. අජිත් අයියත් එයාගේ ජීවිතේ බොහොම අමාරු කාලයක් ගෙවමිනුයි හිටියේ. අපි හිතවත් වුණේ ඒ පරණ කතා සේරම සමථයට පත්වුණාට පස්සෙයි.

සුජීවා අජිත්ව අඳුනගත් හැටි අපට කියනවද?
අජිත් මුතුකුමාරණ කියන කලා ශිල්පියාව අඳුනන්නේ නැත්තේ කවුද? සංගීත ක්ෂේත්‍රයට එන්න සෑහෙන්න කාලෙකට කලිනුයි ගායකයෙක් විදියට මම එයාව අඳුනගත්තේ. මං ආසවුණේ එයාගේ “සුදු අරලියා මල” සිංදුවට…

ඉතිං ඒ දැකපු ගායකයාට සුජීවා හිතවත්වුණ හැටි කියන්න අකමැතිද?
මම සංගීතයට ඇවිත්, සිංදුවක් දෙකක් කියනකොට ඒවගේම මම එළිමහන් ප්‍රසංගවල සිංදු කියන්න යනකොට අජිත් අයියා මට නිතර නිතර මුණගැහුණා. අයියාගේ සකුරා රේන්ජ් බෑන්ඩ් එකේ කොල්ලො එක්ක මම හරිම ලස්සන ඉදිරිපත් කිරීම් කළා. ඉතිං අපේ යාළුකම වැඩිකළේ සංගීතය කියලා කිව්වොත් හරියටම හරි.

ඇත්තටම මගේ පළමු විවාහය ඉවර වුණාට පස්සේ අපි නිතර නිතර මුණගැහිලා අපේ ප්‍රශ්න බෙදාගත්තා. සෑහෙන්න දේවල් කතා කළා.
අජිත් මුතුකුමාරණ කියන කෙනාව “ස්වාමි පුරුෂයා” කරගන්න සුජීවා හිතුවේ ඇයි?
මං ආසම කළේ එයාගෙ තට්ටෙට. ඒ තට්ටෙ තමයි මාව වශී කරගත්තේ.

කොහොමත් ඉස්සර ඉඳන්ම මගේ දුවයි, මමයි දෙන්නම කොණ්ඩෙ වවපු පිරිමි අයට ආසම නෑ. එහෙම අය දැක්කම අපි දෙන්නා කුටු කුටු ගාලා හිනාවෙනවා. “අර බලන්න කෙල්ලෙක් වගේ කොල්ලෙක් යනවා කියලා. අනේ ඉතිං ඒක මගේ පුද්ගලික අදහසක් විතරයි. කොණ්ඩෙ වවපු අය දැන් ඉතිං මං එක්ක තරහවෙයි.
සුජීවා ආසකරන අජිත්ගේ හොඳ ගතිගුණ මොනවද?
එයා පුදුම තරම් ඉවසීමක් තියෙන කෙනෙක්. කොයිතරම් රිද්දුවත් පාඩුවේ ඉවසගන ඉන්න කෙනෙක් එයා. ඒ වගේම හරිම විවෘතයි. අපේ ජීවිතවල සිද්ධවෙච්ච සියලුම දේවල් අපි දෙන්නම බොහොම විවෘතව කතා බහ කරනවා

සුජීවාගේ පුංචි දියණිය අජිත්ව පිළිගන්න සූදානම් වුණාද?
අපොයි ඔව්. මම ඩිවෝස් වුණාට පස්සේ, මම යන හැම තැනකම දුවව එක්කන් ගියා. ඒ නිසා දුව අජිත් අයියව හොඳටම අඳුනනවා.

දැන් දුව මා එක්ක තරමටම අජිත් අයියා එක්කත් පුදුම තරම් සමීපයි. සමහර දේවල් එයා මටත් ඉස්සෙල්ලා කියන්නේ අයියට තමයි.
පුංචි දුවට දැනෙන තාත්තාගේ අඩුව පුරවන්න අජිත් අයියා සමත් වේවිද?
මගේ පළමු විවාහය බිඳවැටෙන කොට දුවට වයස අවුරුදු හතරයි. එදා ඉඳන් මම දරුවට මොන සැප දුන්නත් එයාට තාත්තෙකුගේ අඩුව පුරවන්න මට බැරිවුණා. ඒඅඩුව පිරවුණේ අජිත් අයියා මට හමුවුණාට පස්සෙයි. ඇත්තටම අජිත් අයියව මට හමුවුණේ මගේ දුවගෙ පෙර පිනකට කියලයි මට හිතෙන්නේ.

කේ. සුජීවා බොහොම හැඟුම්බර විදියට කතා කළාට පස්සේ අපි අජිත් මුතුකුමාරණ මේ පුංචි පවුලේ නායකතුමා දිහාවට හැරුණා. මේ අජිත් කියූ දේවල්…
සුජීවාට ආදරය කළේ ඇයි අජිත්?
එයා හරිම බුද්ධිමත් විදියට ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙක්. ඒ වගේම එයාටම අනන්‍ය වුණු විදියකට ජීවත්වෙන කෙනෙක්. මං ආදරේ කළේ ඒ ගතිගුණවලටයි. එයා ඇඳුම් අඳින්නේ, කොණ්ඩෙ බඳින්නෙ, මාල වළලු දාන්නේ එයාගෙම විදියට. මං ආදරේ වුණේ අන්න ඒ සුජීවාට.

ඒත් දැන් දෙන්නම ගීත ලෝකයේ කාර්ය බහුල වෙනකොට සුජීවා හොඳ බිරිඳක් වේවිද?
මම සාම්ප්‍රදායික බිරිඳක්ව බලාපොරොත්තු වෙන්නේ නෑ. අනික අපි දෙන්නම ගීත ලෝකේ ඉන්න නිසා අපට ආරාධනා ලැබෙන්නේ. ගමන් බිමන් යන්න එන්න වෙන්නේ හැම දේම කරන්න වෙන්නේ එකටම තමයි.

ගෙවුණු අතීතය ගැන අජිත් මොකද හිතන්නේ?
අපි ලැබුණු දේ විඳින්න ඕන. අතීතයට වෛර කරලා වැඩක් නෑ. අදටත් මම මගේ අතීත ජීවිතය වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් අකුරටම ඉටු කරනවා. ඒ වගේම සුජීවා කියන්නේ මගේ ජීවිතේ ලස්සන කරන්න ලැබුණු තෑග්ගක් බවත් නොකියාම බැහැ.

අනාගතය ගැන දෙන්නගෙ සැලසුම් මොනවගේද?
ප්‍රසංග වේදිකාව එන්න එන්නම කඩා වැටෙන තැනක් බවට පත්වෙලා. අපි දෙන්නම ප්‍රසංග වේදිකාවෙන් ජීවත්වෙන දෙන්නෙක් නිසා, ඉදිරියටත් ඒ ගැනම බලාපොරොත්තු තියාගෙන ඉන්න බැහැ.

ඒ නිසා අපි ව්‍යාපාර පැත්තට යොමුවුණා. රූපලාවණ්‍ය පැත්තේ වගේම හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යාපාරවලට අපි සල්ලි ආයෝජනය කළා. ඉතින් දැන් ඉදිරියට අපි සිංදු කිව්වත් නැතත් අපට ආර්ථික ප්‍රශ්න එන්නේ නෑ.
ඒ කියන්නේ දෙන්නාම සංගීතයෙන් සමුගන්න බලාපොරොත්තුවකින්ද ඉන්නේ?
නැහැ. අපි මේ වෙනකොට අලුත් ගීත තුනක් පටිගත කරලා තියෙනවා. ඒ ලස්සන සින්දු තුන අපේ ආදරණීය රසිකයන්ට දෙන්න දවස උදාවෙනකල් අපිත් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

එතැනින් එහා ඉදිරි ජීවිතේ?
ඇත්තටම ලොකු සැලසුම් නෑ. අපි අවුරුදු හැටක් ජීවත් වුණොත්, අපි මේ ජීවිතෙන් භාගෙකට වඩා ගෙවලා ඉවරයි. ඉතිරි ජීවිතේ ආගමට නැඹුරුව පිනට දහමට ලැදිව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ අපේ ජීවිතවල අපි කරපු පවු දැන් ගෙවිලා ඉවරයි.

සඳමාලි වර්ණසූරිය
ඡායාරූප – චමිල කරුණාරත්න
ඡායාරූප – චමිල කරුණාරත්න
රිවිර
Post a Comment