ගම්පහ පාළු වත්තේ ත්‍රිත්ව ඝාතනයේ සුලමුල හෙළිවෙයි
හේතුව අනියම් සම්බන්ධයක්ලු
පුංචි දැරිය ළිඳට දමා ඇත්තේ පණපිටින්
ගම්පහ - උඩුගම්පොල - ගල්පොත්ත ප්‍රදේශයේ අක්කර 6ක් පමණ වූ පාළු වත්තක් මැද පිහිටි නිවසකදී පසුගියදා හමුවූ නරක් වූ මළසිරුරු සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ ගම්පහ මූලික රෝහලේදී පැවැත්වුණා. එහිදී මෙම ඝාතන මොට ආයුධයකින් පහරදීමකින් සිදුකළ මනුෂ්‍ය ඝාතන බවට තහවුරු වී තිබුණා.
මීට සතියකට පමණ පෙර ඝාතන සිදුකර ඇති බවටයි මෙහිදී හෙළි වී ඇත්තේ. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු නිට්ටඹුව - පස්යාලේදී එම නිවසින් අතුරුදන් වූ වාහනය ද සමඟ පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. මව, පියා සහ දියණිය ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන මොහු එම නිවසේම සේවය සඳහා නතරව සිටි අයෙක්. ඝාතන සිද්ධියෙන් අනතුරුව ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබුණා.
පසුගිය 10 වැනිදා අඹුසැමි යුවලගේ මළ සිරුර සොයා ගැණුනේ නිවස තුල තිබියදීයි. ඔවුන්ගේ දියණියගේ මළ සිරුර නිවස අසල ළිඳක තිබී එදින පස්වරුවේ පොලිසිය සොයා ගත්තා.
සැකකරු හෙළි කරන ලද තොරතුරුවලට අනුව මෙම ඝාතනයට හේතු වී ඇත්තේ ඝාතනයට ලක් වූ කාන්තාව සමග තිබූ අනියම් ඇසුරක් බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා.
අදාල සැකකරු කාන්තාව සමග සිටින අයුරු ඝාතනයට ලක් වූ සැමියාට අසුවුණු බවත් ඉන්පසුව අවස්ථා කිහිපයකදී ස්වාමියා සැකකරුට නිවසින් පිටව යන ලෙසටත් දන්වා තිබෙනවා.
නමුත් එම කාන්තාව යන්නට නොදුන් බවත් ඔහු පවසා තිබෙනවා. එයට හේතු වී ඇත්තේ සියලු දේපළ කාන්තාවට අයත්ව තිබිම බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ. මේ නිසා එම කාන්තාව හා සැමියා නිතර දබර වූ බව ද සැකකරු පවසා තිබෙනවා. පසුගිය 04 වැනි දා සන්ධ්‍යාවේ මියගිය කාන්තාවත් සැමියාත් දබර කරමින් සිට ඇති අතර මෙම ගැටුමට සැකකරු ද මැදිහත් වී තිබෙන අතර එහි දී සැකකරු පොල්ලකින් සැමියාට පහරදීමට උත්සාහ දරා තිබෙනවා. එහි දී එම පොලු පහර බිරිඳට වැදී ඇති අතර ඇය ප්‍රහාරයෙන් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
පසුව අනෙක් පුද්ගලයාටද පොලු පහරක් එල්ල කර ඔහුවත් ඝාතනය කර ඇති සැකකරු පසුව මළ සිරුරු දෙක ඇඳ ඇතිරිල්ලක දමා බිම දිගේ රැගෙනවිත් කාමරයක දමා එම ඇඳ ඇතිරිල්ලෙන් සිරුරු වසා තිබෙනවා.
පසුව අවුරුදු 04ක් වයසැති දැරිය රැය එළිවන තුරු නිවසේ තිබූ කුඩා ලොරි රථය තුළ තබාගෙන සිට ඇති අතර වෙළෙඳසලකට ගොස් කිරි පැකට් දෙකක් රැගෙනවිත් එය ද එම දැරියට බොන්නට දී තිබෙනවා. මෙම ඝාතනවලින් පසුව ඔහුට නිවස තුළට යාමේ බියක් ඇති වූ බවත් ඔහු පවසා තිබෙනවා. නමුත් දැරිය තමා භාරයේ තබාගැනීමට නොහැකි නිසාවෙන් ඇයට නින්ද ගියපසුව නිවසෙහි පිටුපස ඇති පාළු ළිඳකට දමා තම ස්වාමියාට අයත් ලොරි රථය ද ගෙන පලාගොස් තිබෙනවා. කෙසේ නමුත් පොලිසිය විසින් කරන ලද විශේෂ මෙහෙයුමකින් අනතුරුව ලොරියද රැගෙන පළාගිය සැකකරු පසුව අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබෙනවා.
Post a Comment