තාත්තා එක්ක එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිය හේතු
ගැන දහම් සිරිසේන කියයි
‘‘අම්මාට යන්න බැරි නිසා මං ගියේ‘‘
පසුගියදා ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පුතු සමඟින් ගොස් සිටීම සම්බන්ධයෙන් විවිධ පුවත් නිර්මාණය වුණා.
එමෙන්ම සමජජාල වෙබ් අඩවි ඔස්සේද ඒ සම්බන්ධයෙන් දැඩි දෝෂදර්ශන එල්වූ අතර මේ වන විට දහම් සිරිසේන සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුම ඔස්සේ තමන් පියා සමඟින් එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට යෑමට හේතු පැහැදිලි කර තිබෙනවා.
ඔහු පවසා තිබෙන්නේ ඔහු පවසන්නේ තමා මේ සමුළුවට සහභාගී වන්නේ ඔහුගේ මවට ඒ සඳහා සහභාගීවීමට නොහැකිවීම නිසා ඇයට ලැබුන නිල ආරාධනය වෙනුවෙන් බවයි.
එමෙන්ම මෙම සමුළුවට සහභාගීවීම නිසා තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් වූ තරුණ වැඩසටහනකට සහභාගීවීමට අවස්ථාව ලැබුන බවත් ඒ තුලින් අපේ රට සෞභාග්‍යමත් කිරීම සඳහා වූ ඉලක්ක ගැන අවබෝධකරගන්නට තමාට හැකියාව ලැබුණු බවත් ඔහු ප්‍රකාශකර තිබෙනවා.
තමාවත් තම පියාවත් පැවති පාලනය සමඟ නොසසඳන ලෙසත් තමන් ඔවුන්ගෙන් ඉතාම වෙනස් බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
Post a Comment