Sep
27
හිතන්නවත් බැරි ලෙසින්
අත් පා සිඳ කවිඳු මැරූ ඝාතකයා
පාපොච්චාරණය කරයි
තාත්තාගෙන් පළිගන්න පුතා මැරුවලු
පනාගොඩ - කපුරුගොඩ ප්‍රදේශයේදී දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 50 හැවිරිදි පුද්ගලයෙකු වන මොහුට අයත් නිවස අසල තවත් වසා දැමූ නිවසක තිබී දරුවාගේ සිරුර හමුව තිබුනා.
එමෙන්ම ඔහු විසින් කවිඳු නම් වන වයස 10ක් පමණ වන දරුවා අමානුෂික ලෙස අත් පා සිඳ ඝාතනය කිරීමට හේතු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති වයස අවුරුදු 10ක පිරිමි දරුවා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ පසුගිය 25වනදා පෙරවරු කාලයේදීයි.
කවිඳුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පියාගේ සොහොයුරාට අයත් ගල් වැඩපලක සේවය කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුව තිබුණා. සැකකරු, ඝාතනය සිදුකළ නිවසේ රැඳී සිට ඇති බවටද තොරතුරු ලැබී තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, සැකකරු පසුව ප්‍රදේශයෙන් පලාගොස් තිබූ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබුණා. ඉන් එක් පොලිස් කණ්ඩායමක් ඊයේ (26) සවස සැකකරු බියගම - බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි අතුරුගිරිය පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.
කවිඳුගේ පියා සමග කලක සිට පැවති පෞද්ගලික ආරවුලකට පළිගැනීම සඳහා තමන් මෙම ඝාතනය සිදු කළ බවයි සැකකරු පාපොච්චාරණය කර තිබෙන්නේ.
Post a Comment