මගේ පුතාට වුණු අසාධාරයණට
වගකියන්නේ කවුද ?
කොටදෙණියාව පාසැල් සිසුවාගේ මව අසයි
අමානුෂික ලෙස ඝාතනය කර තිබූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට එක් සැකකරුවෙකු පාපොච්චාරණය තර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ තමන් සදෙව්මි දැරියව ඝාතනය කළ බවයි.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ අතර වයස අවුරුදු 17වන පාසැල් සිසුවෙකුද වනවා. කෙසේ නමුත් ඔහුව සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිසුවාගේ මව විසින් මේ වන විට මාධ්‍යට ප්‍රකාශයක් කර තිබෙනවා.
ඇය පවසන්නේ මෙම සිදුවීම වූ දිනයේ රාත්‍රී 9.30සිට තම පුතා ඇය සමඟින් එකම ඇඳේ නිදාගෙන සිටි බවත් ඔහු උදෑසන වනතුරු සිටියේ තමන් සමඟ බවත්ය. එමෙන්ම ඔහු සදෙව්මිගේ දේහය නිවසට ගෙන ආ පසුව ඒ සඳහා උදව් උපකාර කළ බවත් තම පුතා 100%ක් නිර්දෝෂී අයෙකු බවත් ඇය පවසනවා.
"මගේ පුතා එදා නිවසේ නිදාගෙන සිටියේ.. පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් උදේ පාන්දර එකපාරටම නිවසට පැමිණියා.. පස්සේ ඔවුන් පුතාව අරගෙන යන්න ගියා..මම පොලිසියෙන් අහන්නේ ඇයි අපිට එහෙම කළේ කියලා.. මගේ පුතා වරදක් කළේ නැහැ.. ඒ බව මම නිවසට ආපු පොලිස් නිලධාරින්ට පුන පුනා කිව්වා..
මම පොලිසියේ මහත්වරුන්ගෙන් අහන්නේ එකම දෙයයි.. මගේ දරුවා තවමත් අවුරුදු 17 පාසල් ශිෂ්‍යයෙක්.. කොහොමද මේ වගේ අවමානයක් කළාම ඔහු සමාජයට මුහුණ දෙන්නේ..
මම පොලිසියේ මහත්වරුන්ගෙන් අහන්නේ එකම දෙයයි.. මගේ දරුවා තවමත් අවුරුදු 17 පාසල් ශිෂ්‍යයෙක්.. කොහොමද මේ වගේ අවමානයක් කළාම ඔහු සමාජයට මුහුණ දෙන්නේ..
ඇය දැක්වූ අදහස්....
Hiru
Post a Comment