දහසෙය හැවිරිදි පාසල් සිසුවෙක්
දාහතර වියැති සිසුවියක්
අපයෝජනයට ලක් කරයි
දාහතර වියැති බාල වයස්කාර පාසල් සිසුවියක් දහසෙය හැවිරිදි පාසල් සිසුවෙක් විසින් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් පාසල් සිසුවා අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි.
දියණියගේ පේ‍්‍රම සම්බන්දයක් සම්බන්දව මව අවවාද කිරීමෙන් පසුව දියණිය අතුරුදහන්ව ඇති බවට මව පොලිසියට පැමිණිලි කර තිබේ. පොලීසිය සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ පාසල් සිසුවෙකු හා අතර ඇති කරගත් පේ‍්‍රම සම්බන්දයක් මත සිසුවිය රැුගෙන ගොස් ඇති බවයි.
සිසුවා තමාගේ අක්කා නිවසේ නොමැති අවස්ථාවක දී දොර යතුර සඟවන ස්ථානය දැනගෙන එම නිවසට සිසුවිය රැුගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇති බවට සිසුවියගේ කටඋත්තර මත අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
බාල වයස් කාර දැරියක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් ලිංගික අතවරයකට ලක්වූයේනම් එය සිදු කල තැනැත්තා අත්අඩංගුවට ගැනීමට සිදුවන හෙයින් පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන පාසල් සිසුවිව වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.
Post a Comment