ලෝක සංචාරක දිනේ සීගිරි ඇවිත්
කොකිස් බැදලා, බෙලිමල් බීපු
සුද්දියෝ - Photos
ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් දඹුල්ල ,සිගිරිය ප්‍රදේශ වල විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.
මධ්‍යම සංස්කෘතික අරමුදල දඹුල්ල හා සිගිරිය ප්‍රදේශ වල සංචාරකයන් දැනුවත් කිරීම විනෝද කිරීම ,මෙන්ම පැරණි ආහාර පාන පිසන ආකාරය විදේෂිකයන්ට දැකබලා ගැනීමට ඇති අවස්ථා ඇතිකිරීම ,හොරිවිල වෙදමහතා විසින් සිගිරියේදී දෙස් විදෙස් සංචාරකයන්ට බෙලිමල් වතුර නොමිලේ ලබාදීම මෙහිදී බොහෝ දෙනකුගේ අවධානයට යොමුවිය .
මැටි පිළිම නෙලීම ,චිත්‍ර ඇදීම .ගී ,කවි ,නැටුම් ,වලින්ද සමන්විත විය ,සංස්කෘතික සංචාරක හෝටල් සංගමය මෙහිදී ,දඹුල්ලට පිවිසෙන සෑම ප්‍රධාන මාර්ගයකම දෙපස දමාගොස් ඇති සියලු කුණු කසල ඉවත් කිරීමේ එක් දින ශ්‍රම දානයක් පැවැත්විය.
ඒ සදහා හෝටල් සංගමයට අයත් හෝටල් වල සේවකයන් හා ප්‍රදේශවල සිවිල් සංවිධාන වල පිරිස් සහබාගි වූ බව සංගමයේ ලේකම් සාලිය දයානන්ද මහතා පැවසිය.
මෙම අවස්තාවන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ .
Post a Comment