සල්ලාලයන්ගේ ගොදුරක් වන්නට ගිය ‘‘යුවනී‘‘ -
Reload කරන්නට පෙර කියවන්න!!!
අපේ කතා නායිකාව "යුවනි" . ඇය උසස් පෙළ විභාගයෙන් පස්සේ පෙරපාසල් ගුරු පුහුණු පාඨමාලාවක් හදාරන්න පටන් ගත්තා...
පාඨමාලාව හදාරන අතරේම ඇයට එම පෙරපාසලේ සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ගුරුවරියක් විදිහට කටයුතු කරන්නත් අවස්ථාව ලැබුනා . ඇය හිටියේ හුඟක් සතුටින් . ඒ ඇයට ලැබුණු මේ අවස්ථාවන් නිසා විතරක්ම නෙවෙයි , පාසල් කාලයේ ඉඳලම ඇසුරු කරපු පෙම්වතාට තවත් ලං වෙන්න මේ අවස්ථාව හුඟක් ප්‍රයෝජනවත් උන නිසා .
පාසල් කාලයේ දාහක් නීති රීති වලට යටත් වෙලා ගෙවපු ජීවිතෙට වඩා මේ ජීවිතේ ලොකු නිදහසක් ඇයට දැනුනා. යුවනි පුළුවන් හැම අවස්ථාවකම තමන්ගේ පෙම්වතා මුණගැහුනා , කථාකළා .
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කටයුතු ඉවර වෙලා නිවසට එන්න කලින් යුවනි හැමදාම පුරුද්දක් විදිහට කරපු දෙයක් තිබුනා . ඒ බස් නැවතුම් පොළ ළඟ තියෙන communication එකෙන් තමන්ගේ ෆෝන් එකට reload එකක් දාගන්න එක .දවසක් පුරුදු විදිහට reload එක දාන්න ඇය phone number එක reload පොතේ ලිය ලිය ඉන්න අතරේ යුවනි ගේ පෙම්වතා call කළා . යුවනිගේ මූණ මලක් පිපුනා වගේ එලිය උනා.
"හෙලෝ ... communication එකට ආවා.... ගමනක් ? ඒ කොහෙද ? අම්මලත් එක්ක ? අයියෝ .... ඒ කියන්නේ හවස කතා කරන්න වෙන්නේ නැද්ද ? " යුවනි ගේ මූණ අඳුරු උනේ එක මොහොතින් . "හතෙන් පස්සේ ඉතින් මට කතා කරන්න වෙන්නේ නෑනේ ධනු .... එතකොට තාත්තත් ගෙදර ඇවිල්ලනේ .... හරි හරි එහෙනම් උදේට කතා කරන්නකෝ .... පරිස්සමෙන් යන්න . ලව් යු . බායි . " ඇය communication එකෙන් එලියට ආවේ මැලවිලා . communication එකේ වැඩ කරන පිරිමි ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් තමන් දිහා විමසිල්ලෙන් බලන් හිටිය කියලවත් ඇයට ගානක් තිබුනේ නෑ.
යුවනි බස් එකට නැගල ටික දුරක් යද්දී දන්නැති number එකකින් call එකක් ආවා . එහා පැත්තෙන් ඇහුනේ නාදුනන පිරිමි කටහඩක් . " නංගි මං ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගේ යාලුවෙක්. මම මනෝජ් . " ඒ වචන ටික ඇහුනු ගමන් යුවනි එකපාරටම ගැස්සුනා . "ඔ..ඔව් .... කියන්න " ඇගේ කටහඬ වෙව්ලුවා ."මං කියන දේ අහලා ඔයා බයවෙන්න එපා නංගි . එයාට වෙන ගර්ල් කෙනෙක් ඉන්නවා. මේ දැනුත් ගියා එයාව හම්බුවෙන්න . මං ඔයාට සේරම ඔප්පු කරලා පෙන්නනම් . ඔයා පොඩි පන්සල ලඟට මේ දැන්ම එන්න . " එහෙම කියලා කථා කරපු කෙනා ෆෝන් එක කට් කළා.
කිසිම දෙයක් ගැන දෙපාරක් හිතන්න යුවනිට කල්පනාවක් තිබුන්නෑ . ඇයට ඔළුව ගිනි ගන්නවා වගේ දැනුනා . මේ වෙනකොට ඒ කථාකරපු කෙනා කියපු පන්සල පහුකරලා බස් එක ටිකක් දුර ඇවිත් . "කමක් නෑ ... බැහැල ත්‍රී වීල් එකක යනවා." ඇය තමන්ටම කියාගෙන බස් එකෙන් බැස්සා . බස් එක පිටිපස්සෙන්ම වගේ ආව ත්‍රී වීල් එකට අත දැම්මා. "පොඩි පන්සල ලඟට " ඇය යන්න ඕන තැන කිව්වේ ත්‍රී වීල් එකේ වාඩි උනාටත් පස්සේ. ඇස් වලින් වැටෙන කඳුළු නවත්තගන්න ඇය ලේන්සුව මූණට තද කරගත්තා . ත්‍රී වීල් එක ටික දුරක් යද්දී ඇයට හිතුනා call එක දීපු කෙනාට කථා කරලා බලන්න .
යුවනි කෝල් එක ගන්න කොටම ත්‍රී වීල් ඩ්‍රයිවර් ගේ ෆෝන් එකත් රින්ග් උනා. එත් එක්කමයි යුවනි Side කන්නාඩියෙන් ඩ්‍රයිවර් ගේ මූණ හරියටම දැක්කේ .ඒ communication එකේ වැඩකරන පිරිමි ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් . එක තත්පරයකින් යුවනිට තේරුනා අනතුරක් අතළඟ බව . "නවත්තනවා මේක" යුවනි මහා හයියෙන් කෑ ගැහුවා . එතකොටම ත්‍රී වීල් ඩ්‍රයිවර් වේගේ වැඩිකරලා පාළු පාරක් පැත්තට ත්‍රී වීල් එක හැරෙව්වා .ත්‍රී වීල් එකෙන් පනිනවා ඇර යුවනිට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ .
පාර අයිනේ කුඹුරේ වැඩ කර කර හිටිය කීපදෙනෙක් තුවාල වෙලා ලේ ගලන යුවනිව හොස්පිටල් එකට ගෙනිච්චා , පහුවෙලා හරි මොළේ කල්පනා කරලා වැඩ නොකලා නම් වෙච්ච අනතුරට වඩා විශාල අනතුරක් යුවනිට සිද්ධ වෙන්න තිබුනා.
ගෑනු ළමයි විතරක් නෙවෙයි , ගෑනු පිරිමි භේදයක් නැතුව හැම කෙනෙක්ම තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න ඕනේ. විශේෂයෙන්ම තමන්ගේ දුරකථන අංකය නන්නාඳුනන අයගේ අතට යන එක වලක්වා ගන්න එක හුඟක් වැදගත්. මේ සඳහා දැන් ඔබේ දුරකථන අංකය පිටස්තරයෙකුට ලබා නොදී කෙලින්ම ඔබේ බැංකු ගිණුම හරහා reload කර ගන්න පහසුකම් තිබෙනවා.
(මෙහි එන නම් ගම් සියල්ල මන:කල්පිතය)
Post a Comment