Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Kaduwela kadawatha highway opening case  

,

කඩුවෙල හයිවේ එක විවෘත කරද්දී 
ඇමතිට කලින් පීත්ත පටිය කපන්න හදපු 
කාන්තාවෝ - වීඩියෝ

මහින්දගේ පෝස්ටරුත් උස්සන් ඇවිත්

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස ඊයේ (17) විවෘත කරුණු ලැබුවා. ඒ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රදානත්වයෙන් පස්වරු 3.00ට පමණයි.

නමුත් ඔවුන්ට පෙර පාර විවෘත කරන්නට සැරසුණු කාන්තාවන් දෙදෙනෙක් නිසා එම ස්ථානයේ කළබලකාරී තත්වයක් හටගත්තා. එම කාන්තාවන් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව දැක්වෙන පොස්ටර් 2ක් අතින් ගෙන ‘‘මහින්ද මහත්තයාට ජයවේවා‘‘ යනුවෙන් කෑ ගැසූ බවයි වාර්තා වන්නේ.

පසුව පොලිසිය පැමිණි කාන්තාවන් දෙදෙනා එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. අලුතින් ඉදිවූ පාර ආරාධිතයින් විවෘත කරන්නට පෙර කාන්තාවන් විවෘත කිරීමට සැරසුණු නිසාවෙන් පැමිණ සිටි විදෙස් රටවල පිරිස්ද කළබල වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ටී.එස්.එච්.  අබේවික්‍රම පැවසුවේ  මහ මැතිවරණය හේතුවෙන් එම මාර්ගය විවෘත කිරීම ප්‍රමාද වූ බවයි.

කිලෝමීටර් 8.9ක් දිවෙන මෙම මාර්ග කොටස  මංතීරු 4කින් ඉදිකර ඇත. ඒ සඳහා  රුපියල් බිලියන 45කට ආසන්න මුදලක් වැයවී ඇති බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.සී. දසනායක පවසනවා.

මාර්ගයට සමගාමීව කැලණි ගඟ හරහා පාලම් දෙකක්ද වන අතර එමඟින් කඩුවෙල නගරයේ හා කැලණි ගඟ හරහා වන දැනට ඇති පාලම ආශ්‍රිත වාහන තදබදය අඩු වනු ඇති.

කොළඹ සිට හංවැල්ල දක්වා 'ලෝ ලෙවල්' මාර්ගයේ බියගම දෙසට ගමන් කරන රථවාහන සඳහා නොමිලේ පාලම ඔස්සේ  ගමන් කිරීමේ හැකියාව පවතී. බියගම - කැළණිය ප්‍රදේශවල සිට කඩුවෙල, හංවැල්ල, කොළඹ දෙසට ගමන් කිරීමේදී ද  පාලම භාවිතා කරමින් ලෝ ලෙවල් මාර්ගයට පිවිසිය හැකියි. කොළඹ පිටත වටරවුම් මාර්ගය අදියර තුනක් යටතේ ඉදි කෙරෙනවා.

පළමු අදියරේදී කොට්ටාව සිට කඩුවෙල දක්වා ඉදි කෙරුණා. කඩුවෙල සිට කඩවත දක්වා කොටස එහි දෙවන අදියරයි. තුන්වන අදියරේදී කඩවත සිට කෙරවළපිටිය දක්වා අධිවේගී මාර්ගය දීර්ඝ කරනු ඇති. එහි ඉදිකිරීම් ද මේ වන විට ආරම්භ කර ඇති අතර අවසන් වූ පසු දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය එකිනෙක සම්බන්ධ කෙරෙනවා.



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels