තමන් සදෙව්මි ඝාතනය කළ බව
අත්අඩංගුවට ගත් පුද්ගලයා පාපොච්චාරණය කරයි
‘‘වළක් ඇතුලේ පුවක් අතු දමා නිදාගෙන ඉඳලා,
අහුවෙද්දි මල් පඳුරක් අස්සේ හැංගිලා‘‘
රටම කම්පාකළ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනුණු තෙවන සැකකරු, තමන් විසින් එම ඝාතනය සිදු කළ බවට රහස් පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇති බවට වාර්තා වෙනවා.
මෙම සැකකරු සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලබාදී ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ පුද්ගලයෙකි. ඒ අනුව ඊයේ (23) දිනයේ රහස් පොලිසියත් බුද්ධි අංශයත් බස්නාහිර උතුරු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීනුත් ගම්වාසීනුත් එක්ව කැලෑව පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.
එහි දී සැකකරු සරත් අයියාගේ වත්ත නමැති ප්‍රදේශයට පැන දුවන බව එක් අයකු දැක ඇත. ඒ අලුයම 5.30ට පමණය. ඒ අනුව සැකකරු සොයා පරීක්ෂණ සිදු කර තිබේ. එහි දී ඔහු පැන ගොස් ඇත. පසුව සියලු දෙනාම ඔහු පසුපස පන්නා තිබේ. එසේ ලුහුබැඳීමේ දී සැකකරු සැඟව සිටි ස්ථානය ද හමුවී ඇත. එනම් කුඩා වළක් තුළ පුවක් අතු දමා නිදාගැනීමට සුදුසු වන පරිදි ස්ථානයක් තිබි ඇත. එම ස්ථානයේ හිස් බිස්කට් පැකට් කිහිපයක් ද අනෝදා ගෙඩියක් ද තිබි ඇත. පසුව තවදුරටත් ඉදිරියට යාමේ දී සැකකරු සිටි තවත් තැනක් හමුවී ඇති අතර ඔහු රාත්‍රියේ පොරවනු ලැබූ රෙද්දක් සහ දුරකථනය ද හමුවී තිබේ.
අනතුරුව ප්‍රදේශය පුරා ආරක්ෂාව තරකර ඔහු සිටිනා ප්‍රදේශය වටකර ඇත. එහි දී සැකකරු කැලෙන් පැනගොස් අසල පිහිටි සුසාන භූමියට ඇතුළු වී ඇත. පසුව සියලු දෙනාම සුසාන භූමිය වටලා ඇති අතර සුසාන භූමියේ පිටුපස පිහිටි මල් පඳුරක් යට සැඟව සිටිනු පොලිසිය දැක ඇත. අනතුරුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා විට කොළ පැහැති ටීෂර්ටයක් සහ කොටු සහිත කොට කලිසමක් ඇඳ සිට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු රහස් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සැකකරු හා ඔහුගේ වැඩිමහල් සොහොයුරාත් ගංජා පානය කිරීම සඳහා සේයාගේ මළ සිරුර හමු වූ වෙල්යායේ නිතර සැරිසරන බවත් දන්වා තිබේ. එහෙත් මෙම සිද්ධියෙන් පසුව මොහු අතුරුදන්ව ඇති බව පවසා තිබිණි. ඔවුන් පිළිබඳව පොලිසිය මුලදී සැක කළද පසුව වෙනත් පුද්ගලයන් වෙත අවධානය යොමු වීම නිසා ඔවුන් පිළිබඳ එතරම් සැලකිලිමත් වී නොමැත.
මෙම සැකකරුවන් දෙදෙනා තාවකාලිකව නවාතැන්ගෙන සිට ඇත්තේ ඔවුන්ගේ සොහොයුරිය පදිංචි කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ නිවසකය. මෙම නිවස පිහිටා තිබී ඇත්තේ ඝාතනයට ලක්‌වූ සේයා දැරියගේ නිවස ආසන්නයේය.
අත්අඩංගුවට ගෙන සිටින සොහොයුරන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා මීට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන ගොස් බෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට සම්බන්ධ වූ අයෙක් බවටද තොරතුරු වාර්තා වෙනවා.
මොවුන් හිටිහැටියේම බඩල්ගම ප්‍රදේශය අතහැර පලා යැම පොලිසියේ සැකය තවදුරටත් වර්ධනය වීමට හේතුවක් විය. පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව කළ මෙහෙයුමකදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර පසුව CID වෙත රැගෙනයාමෙන් අනතුරුව තමන් සදෙව්මි දැරියගේ ඝාතනය සිදුකළ බවට පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබේ.
Hiru
Post a Comment