හැටන් පාසැල් ළමුන් දෙදෙනෙකුට පහරදී
එම දර්ශන අන්තර්ජාලයට එක්කළ
දෙදෙනෙකුට වැඩ වරදී
හැටන් නගරයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිකරන වෙළඳසැලකින් පාසල් ළමුන් දෙදෙනෙක් භාණ්ඩ කිහිපයක් සොරකම් කලේ යැයි සිද්ධියක් සමිබන්ධයෙන් එම පාසල් ළමුන් දෙදෙනෙකුට පහර දී එම දර්ශන අන්තර්ජාලයට මුදාහැරියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වෙළඳසැල් හිමියා සහ එම වෙළඳසැලේ සේවය කල තරුණයෙක් අද හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 12 වැනි දින එම වෙළඳසැලට ගොස් භාණ්ඩ ලබා ගන්නා මුවාවෙන් ප්ලාස්ටික් භාණ්ඩ කිහිපයක් රහසිගතව සඟවා ගත්තේ යැයි කියන සිද්ධියක් නිසා එම වෙළඳසැල් හිමියා සහ සේවකයා ළමුන් දෙදෙනාට බැන වැද එම දර්ශන ජංගම දුරකථනයක් ඔස්සේ වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඵම පාසල් ළමුන් දෙදෙනාගේ දෙමාපියන් විසින් හැටන් පොලීසියට පැමිණිලිකර තිබෙනවා.
Post a Comment