Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

10 years old boy killed in athurugiriya  

හිතන්නවත් බැරි කෲර ලෙසින් 
ගල් වලක් අසළ පාළු නිවසක 
ඝාතනය කර තිබූ පුංචි කවිඳු - වීඩියෝ

අත් පා වෙන්වෙන ලෙසින් කපා කොටා දමලා

පුංචි සේයාගේ ඝාතනය ගැන රටපුරා කතාවෙද්දී  එලෙසින්ම අමානුෂික ලෙස ඝාතනය කර තිබූ වයස අවුරුදු 10ක පිරිමි දරුවෙකුගේ මළසිරුරක් පාළු නිවසකින් හමුවී තිබෙනවා. ඒ අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප්‍රදේශයේදීයි.

ඔහුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර අත් පා හිස වෙන් වී යන අන්දමින් කපාකොටා කෲර අන්දමින් ඝාතනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ (25) දහවල් පොලිසියට ලැබුණු තොරතුරක් මත නිවස අසල පිහිටි තවත් පාළු නිවසක තිබී කවිඳු දේවින්ද කපුරුගේ නමැති මෙම දරුවාගේ සිරුර සොයා ගත් බවයි. ඝාතනය සිදුවූ ආකාරය මෙතෙක් හෙළි වී නොමැති බව පොලිසිය කියා සිටියා.

කවිඳුගේ මළ සිරුර අසල තිබී මන්න පිහියක්‌ද සොයාගෙන ඇති අතර ඝාතනය සඳහා එම පිහිය යොදාගන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

දරුවා ඊයේ පාසල් නොගිය නිසා පියා සමඟ නිවසේ රැඳී සිට ඇති අතර, මව වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් තිබුණේ අසනීප තත්ත්වයක් හේතුවෙන්. පසුව ළමයා පිළිබඳ විපරම් කිරීමේදී දරුවා නිවසේ නොසිටි බව දැනගත් පියා ප්‍රදේශවාසීන් සමඟ එක්ව ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.

එම අවස්ථාවේදීයි නිවස ආසන්නයේම පිිහිටි වසා දැමූ නිවසේ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ කවිඳුගේ සිරුර සොයා ගෙන තිබුණේ. පොලිසිය ප්‍රකාශ කළේ කවිඳුගේ ඝාතනය සම්බන්ධයෙන් පියාගේ සොහොයුරාට අයත් ගල් වැඩපලක සේවය කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුව ඇති බවයි. සැකකරු, ඝාතනය සිදුකළ නිවසේ රැඳී සිට ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels