ඇමති ඥාති දියණිය
කැවුමක් නිසා
ජීවිතක්ෂයට
හජ්ජි උත්සවය වෙනුවෙන් නිවසේ සකස් කළ කැවුම් ආහාරයට ගත් මුස්ලිම් දැරියක හදිරියේ රෝගාතුර වී පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂය පත්ව ඇති බව පුත්තලම රෝහල් පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම තිල්අඩිය රත්මල්යාය මුස්ලිම් විද්‍යාලයේ 10 ශේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 15 හැවිරිදි පාතිමා අෆ්ලා නමැති දැරියකි.
මෙම දැරිය කැවුම් දෙකක් ආහාරයට ගෙන ඇති බවත්, ඉන් පසු ඉස්මොල්ලේ යාමෙන් පසු කැස්ස ඇතිවී ඇති බවත් දැරියගේ ඥාතීන් පුත්තලම රෝහලට පවසා තිබුණි.
මරණයට පත් දැරිය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බද්යුදීන් මහතාගේ වැඩිමහල් සොයුරියගේ දියණිය බවද පැවසේ.
සිද්ධිය සැලවීමත් සමග විශාල මුස්ලිම් ජනතාවක් ඊයේ (23)දා රාත‍්‍රියේ පුත්තලම මූලික රෝහලට එක්ව සිටියහ.
Post a Comment