පියා කොටුවේ දුම්රිය අනතුර බලන්න යද්දී,
රූමත් දියණිය දුම්රියට බිලිවූ
සෝචනීය සිදුවීම
කොටුව දුම්රිය ස්ථානයේදී නොසිතූ අයුරින් නොසිතූ මොහොතක තම දිවියෙන් සමුගන්නට වූ රාගම ප්‍රදේශයේ රූමත් තරුණියක් පිළිබඳව පසුගිය දිනෙක වාර්තා වුණා. එම අවස්ථාවේදී අනතුර සම්බන්ධයෙන් අවට සිටි පිරිස් කළබල වී බලන විට එහි සිටි තවත් එක් පුද්ගලයෙකුද පැමිණියේ හදිසියේ දුම්රියට ගොඩවීමට ගොස් මියගියේ කවුරුන්ද යනවග දැන ගැනීමටයි. .
ඔහුට තමන්දුටු සිදුවීම අදහාගත නොහැකිවුණා. ඒ වෙන කවුරුන්වත් නොව තමන්ගේ දියණිය බව දැකගන්නට ලැබුණා.
කොටුව දුම්රිය ස්‌ථානය තුළ වූයේ අධික තදබද ස්වාභාවය අතර සෑම පුද්ගලයෙකුගෙම අරමුණ වූයේ හැකි ඉක්‌මනින් තම නිවෙස්‌වලට යෑමයි.
ඒ නිසා බොහෝ පිරිසක් දුම්රිය වේදිකාවට පැමිණෙන විට එය නැවැත්වීමටත් ප්‍රථමයෙන් ගොඩවන්නට පුරුදුව සිටිනවා. එලෙස කලබලයෙන් දුම්රියට ගොඩවීමට උත්සාහ ගැනීම අනතුරුදායක වුවද මගීහු බොහෝ දෙනෙක් ඒ වගක් නොසිතන අතර ඉකුත් දිනෙක කොටුව දුම්රිය ස්‌ථානයේ අනපේක්‍ෂිත ලෙස නව යොවුන් වියේ සිටි යෞවනියක් දුම්රියට බිලි වූයේ දෙනෝදාහකගේ දැස් ඉදිරිපිටදීය.
කොටුව දුම්රිය ස්‌ථානයේ සිදුව තිබූ එම අනතුරින් ජීවිතක්‍ෂයට පත්වූයේ රාගම ඇටකොරස පාර, 362/C/2 නිවසේ සිටි ශෙරීන් ලොරේටා ජෝශප් නමැති තරුණියයි.
පවුලේ එකම දරුවා වූ ශෙරීන් සිය දෙමාපියන්ගේ මෙන්ම ඥතීන්ගේ නොමද ආදරය ලබමින් දිවිගෙවූ තැනැත්තියකි. අතිශය රූමතියක් වූ ශෙරීන් පිළිබඳව මේ කාහටත් තිබුණේ සියුම් ආඩම්බරයකි.
ඉකුත් 21 වැනි දින ශෙරීන් නිවසෙන් පිටව ගොස් තිබුණේ සුපුරුදු පරිදි ඇයගේ සේවා ස්‌ථානයට යැමටය. මට්‌ටක්‌කුලිය පිහිටි එම සේවා ස්‌ථානයට යැමට ඇය පිටත් වූයේ සුපුරුදු පරිදි දෙමාපියන් නමැද මදහස පාමිනි. එසේ යන ඇය නැවත මේ නිවස එළිය කරන්නට නොපැමිණෙන බව කිසිවෙකුට ඒ මොහොතින් සිතුනේ නැත. නැවත ඇය පැමිණෙන්නේ නිවස පමණක් නොව මුළු ගම්මානයම හඬවාගෙන බවද සිතුනේ නැත.
සේවා ස්‌ථානයට ගිය ශෙරීන් සුපුරුදු ලෙස තම වගකීම් කොටස නිසි ලෙස ප්‍රමෝදයෙන් යුතුව සිදුකර කොටුව දුම්රිය ස්‌ථානයට පැමිණියේ සේවා ආයතනයෙන් ලබාදෙන ප්‍රවාහන පහසුකම උපයෝගී කර ගනිමිනි. ඇය කොටුව දුම්රිය ස්‌ථානයට සවස 5.30 ට පමණ පැමිණියේ පානදුර සිට පුත්තලම බලා ධාවනය වන දුම්රියෙන් සිය නිවසට යැමේ අරමුණිනි. පස්‌වරු 5.45 ට කොටුව දුම්රිය ස්‌ථානයට පැමිණීමට නියමිතව තිබූ එම දුම්රිය එදින ධාවනය නොවීම හේතුවෙන් ප.ව. 6.05 ට ධාවනය වීමට තිබූ දුම්රියකින් ඇය නිවසට ඒමට හිතුවාය.
එක් දුම්රියක් ධාවනය නොකිරීම නිසා ශෙරීන් ගමන් කිරීමට සූදානම් වූ දුම්රියට විශාල පිරිසක් එක්‌වීමට සූදානම්ව සිටියහ. ශෙරීන් සිය ජංගම දුරකථනයෙන් සිය පියා ඇමතුවේ පියාද ප.ව. 6.05 ට දුම්රියේ ගමන් ගන්නා බව ඇය දැන සිටි නිසාය. ශෙරීන් ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය වේදිකාවට පැමිණෙමින් තිබියදී විශාල ජනතාවක් සමඟ ශෙරීන්ද ඉදිරියට තල්ලුවී ගියහ. සිදුවූයේ අනපේක්‍ෂිත දෙයකි. දුම්රිය පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ කර බෑගය එකවරම ශෙරීන්ගේ ඇඟේ වැදිනි. ගතවූයේ නිමේෂයකි. ශෙරීන් දුම්රිය වේදිකාවත් දුම්රියත් අතරින් රේල් පාරට ඇද වැටිණි. දෙනෝදාහක් කෑමොර දෙද්දී දුම්රිය නතර වුවද ඒ වන විටත් ශෙරීන්ගේ නාසයෙන් කණෙන් අධික ලෙස රුධිරය පිටවෙමින් තිබුණේ ඇගේ හිස තදින් දුම්රියේ ගැටී තිබූ බැවිනි.
දුම්රියට තරුණියක යටවී ඇති බව කණෙන් කොණෙන් ඇසෙද්දී එම දුම්රියේ සිටි ශෙරීන්ගේ පියා ඡේම්ස් සිය දියණියගේ ජංගම දුරකථනයට ඇමතුවේය. එයින් ප්‍රතිචාර නොවූයෙන් ඔහු හනික දුම්රියෙන් බැස අනතුර සිදුවූ දෙසට යන විට සිදුවී ඇති දෙය අදහාගත නොහැකි වූවාය. වහා ක්‍රියාත්මක වූ පිරිස් ශෙරීන්ව කොළඹ ජාතික රෝහලට රැගෙන ගියද ශෙරීන් ජීවත් කරවීමේ වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය පරාජයට පත් විය.
මුළු ගම්මානයක් කම්පාවට පත්කරමින් සිය මවත් පියාත් තනි කරමින් ඇය දිවියෙන් සමුගත්තාය.
Hiru
Post a Comment