කවිඳු අමානුෂික ලෙස
ඝාතනය කළ පුද්ගලයා
ආයුධ පෙන්නන්න එක්ක ගිහින් වැඩ වරදී
පනාගොඩ - කපුරුගොඩ ප්රදේශයේදී දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවේ පසුවන සැකකරු හදිසියේ තුවාල ලබා තිබෙනවා. ඒ කළු ගලක් පයට පෙරළීමෙන්.
සැකකරු - වැඩකළ බව පැවසෙන ගල්වල ළඟට පෙරවරුවේ රැගෙනවිත් ඇත. ඒ සඟවා ඇති බව කියන මන්නයක් පෙන්වීමටයි. ගල්වලේ එක්තරා ස්ථානයකට පිවිසීමේ දී සැකකරු ලිස්සා වැටී තිබේ. එහිදී පෙරලුනු කළු ගලක් ඔහුගේ කකුලක ගැටී ඇත. ඒ අනුව 50 හැවිරිදි සැකකරු රෝහල් ගතකර ඇත.
Post a Comment