ගණේමුල්ලේදී
තවත් දැරියක්ව
තිදෙනෙකු එක්ව කෙළෙසලා
පුද්ගලයින් තිදෙනෙකු එක්ව විසින් වරින් වර අපයෝජනය කරන ලද දැරියක් සම්බන්ධයෙන් ගණේමුල්ල ප්රදේශයෙන් තොරතුරු වාර්තාවෙනවා. මෙම දැරියගේ වයස අවුරුදු 8ක් පමණ වන අතර ඇයට මෙලෙස අපයෝජන සිදුකර ඇත්තේ ඇයගේම ඥාතීන් තිදෙනෙකු බවයි පැවසෙන්නේ.
මේ සම්බන්දයෙන් ඊයේ (17) පොලිසියට ලැබුණු නිර්ණාමික දුරකථන ඇමතුමකට අනුව අදාල පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා. මෙම පාපතරයින් තිදෙනා ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
එමෙන්ම දැරියවවෛද්ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙන අතර දැරිය ගේ පියා මීට වසර කිහිපයකට පෙර සියදිවි හානිකරගෙන තිබෙනවා. පසුගියදා අමානුෂිකව ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ සිද්ධියෙන් පසු බොහෝ පිරිසක් මෙවැනි සිදුවීම් පිළිබඳව දැඩි අවධානය යොමුකරගෙන සිටින අතර මේ වන විට අපරාධකරුවන් වෙනුවෙන් මරණීය දණ්ඩනය ක්රියාත්මක කරන ලෙස ඉල්ලා රටපුරා උද්ඝෝෂණද ක්රියාත්මක වෙනවා.
Post a Comment