අද මෝදිගේ
65 වන උපන්දිනය
ට්විටර් ඔස්සේ සමරලා
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ 65 වන ජන්ම දිනය අද (17) වනදාට යෙදී ඇත. නමුත් විශේෂත්වයක් වන්නේ ඔහු මෙය අද සමරන්නට කිසිදු සාදයක් නොපැවැත්වීමයි.
පසුගිය වසරේ ඔහු උපන්දිනයට ඔහුගේ ගුජරාටි නිවසට ගොස් කාලය ගත කළත් අද ඔහු කාර්ය බහුලව ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු අද දිල්ලියේ පැවැත්වෙන 1965 යුද සැමරුම් ප්‍රදර්ශනයට ගොස් ඇත.
කෙසේ වෙතත් ලෝකයේ වැඩිම පිරිසක් මිලියන 15 ක් අනුගාමිකයන් සිටින බව කියන මෝදිගේ ට්විටර් ගිණුමට දිගට හරහට සුබපැතුම් ගලා එන අතර අන්තර්ජාලයෙන් එයට ඇතුලූවන අයට එහි බැලූම් බෝල ගමන් කරමින් උපන්දිනය සමරන බව දක්නට ලැඛෙනවා.
ඒ නිසා එන්ඩීටීවි නාලිකාව සඳහන් කර ඇත්තේ මෝදි උපන්දිනය අද සමරන්නේ ට්විටර් මගින් බවයි.
මෝදිගේ ට්විටර් ගිණුමට මෙතැනින් යන්න - https://goo.gl/PsWL0P
Post a Comment