ජනපති එක්සත් ජාතීන්ගේ
මහා මණ්ඩල සැසිවාරයේ - Photos
පුතු දහම් සිරිසේනත් ගිහින්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් පසුගියදා ඇමරිකාව බලා පිටත් වුණේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමටයි.
ඔවුන් අතර ජනපති පුත් දහම් සිරිසේනද වනවා. පසුගිය රජය සමයේ මහින්ද රාජපක්ෂ මහතා හා ඔවුන්ගේ පුතුන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් ඇතැමුන් දෝෂාරෝපණ එල්ල කළ අතර දහම් සිරිසේනද මෙම අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජජාල ඔස්සේ කථාබහක් ඇතිව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන අතර ඔවුන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද හමුවීමට ගොස් තිබුණු බවට දැකගන්නට ලැබුණා.
Post a Comment