Sep
29
කොණ්ඩයා ජින්ටෙක් එකට ගෙනැත් -
17 සිසුවාට අත්අඩංගුවට ගෙන සිටියදී
පහර දීලාලු
කොටදෙනියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ඊයේ බොරැල්ලේ පිහිටි ජීන්ටෙක් ආයතනය වෙත ඉදිරිපත් කෙරුණා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ඩී. රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ ඔහුගේ සිරුරේ අංශ කිහිපයකින් DNA වාර්තාවක් ලබා ගැනීම සඳහා එම ආයතනයට ඉදිරිපත් කළ බවයි.
මේ අතර, කොටදෙණියාව ‘‘සේයා සදෙව්මි’’ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා යළි ඔක්තෝම්බර් මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
17 හැවිරිදි සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී සිසුවාට පහරදීමක් සිදුව ඇතැයි ලැබී ඇති තොරතුරු මත ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර වාර්තාවක් ලබාදෙන ලෙසයි.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ අදාළ එම වාර්තාව ලබාදෙන ලෙසට ද නියෝගයක් කළා.
Post a Comment