Sep
30
එක පන්තියේ යාළුවාට කනට ගහලා
හැමදාම පොලිසි යන කොළඹ ලොකු ඉස්කෝලෙක
චණ්ඩි සිසුවා
එකම පන්තියේ මිතුරාට කනට ගැසූ කොළඹ ප්‍රධාන පෙලේ පාසැලක සිසුවෙකුට සෑම දිනකම පාසල ඇරී පොලිසියට වාර්තා කරන්නට නියෝග ලැබුණු පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.
ඔහු පාසැලේ අනෙක් සිසුන් අතර චන්ඩියෙකු ලෙසින් ප්‍රසිද්ධව සිට ඇත්තේ තමන් විවිධ පුද්ගලයින් හඳුනන බවට පවසමිනුයි.
ඔහු විසින් දිසා විනිසුරුවරයෙකුගේ පුතෙකුට හපන්කම් පෙන්වමින් කනට ගසා ඇති අතර එයින් පසු ඔහුට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා.
මේ පිළිබඳව මහේස්ත්‍රාත්වරයා විසින් සිසුවාව අවවාද කිරීමෙන් අනතුරුව සතියේ සෑම දිනකම පාසල් අවසන් වීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත වාර්තා කරන ලෙස නියම කර ඇති අතර මොනම හේතුවක් නිසාවත් නැවැත මෙවැනි සිද්ධි සිදු නොකරන ලෙස සැකකාර සිසුවාට අවවාද කර තිබෙනවා.
Post a Comment