කහවත්ත කොටකෙතනේ
තවත් කාන්තා ඝාතනයක්
කහවත්ත - කොටකෙතන ඕපාතවත්ත ප්රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී කාන්තාවක ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ සුදුපාලම අසළ මාර්ගයේ වැටී තිබියදී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනුණු බවයි. ඇය ප්රදේශයේ වතු කම්කරු කාන්තාවක් ලෙස සේවය කර ඇති බව සදහන්.
පොලීසිය පවසන්නේ මෙලෙස ඝාතනය කර ඇති කාන්තාව 48 හැවිරිදි වියේ පසුවන බවයි. මීට පෙරද කහවත්ත කොටකෙතන ප්රදේශයේදී කාන්තාවන් අභිරහස් ලෙස ඝාතනය වීම සම්බන්ධයෙන් පුවත් රැසක් වාර්තා වුණා.
Post a Comment