සදෙව්මිගේ ඝාතකයා වෙනත් අසල්වැසියෙක් බවට සැකයක්
17 සිසුවා සම්බන්ධ බවට තවමත් සාක්ෂි නැතිලු
සේයාගේ මවගේ දුරකථනයත් සිද්ධිය දා නැතිවෙලා
තවමත් ඝාතකයා කවුරුන්ද යන්න පිළිබඳව නිශ්චිතව හඳුනාගෙන නැති සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් නිවස ආසන්නයේ නවාතැන්ගෙන සිටි ළමා අපචාර කීපයකට සම්බන්ධ සැකකරුවකු සොයා පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සැකකරු ගම්පහ ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පසුගිය කාලසීමාවේ තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත්තේ ඔහුගේ සොහොයුරියට අයත් කොටදෙණියාව බඩල්ගම ප්රදේශයේ පිහිටි නිවසක බවයි ආරංචි වන්නේ. එම නිවස සේයා පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටා තිබෙන බවද පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
සැකකරු ගම්පහ ප්රදේශයේදී දැරියන් දෙදෙනකු පැහැරගෙන ගොස් විවිධ අතවරයන්ට ලක් කර ඔවුන් වෙල්යායක අතහැර දමා ගිය සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටි බව හෙළි වී තිබෙන අතර ගම්පහ ප්රදේශයේ මොහුට ජීවත් වීමට නොහැකි නිසා සිය නැගණියගේ නිවසේ තාවකාලිකව නවාතැන්ගෙන සිටි බවද අනාවරණය වී තිබෙනවා.
මෙම සැකකරු පිළිබඳව ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මොහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර සැකකරුගේ සොහොයුරියගෙන් ද ප්රශ්න කර තිබෙන බවයි ආරංචි වන්නේ.
කෙසේ නමුත් මෙම සිද්ධියේදී එනම් ඉරිදා දිනයේදී සේයාගේ මවගේ දුරකථනයද නැති වී ඇති අතර දුරකථනය කවුරුන් හෝ විසින් සොරා ගත්තාද නැතිනම් නැතිවුණාද යන්න තවමත් තහවුරු වී නැත. කෙසේ වෙතත් මෙම සිද්ධිය සේයාගේ අතුරුදන්වීමේ සිද්ධියත් සමඟ යම් ආකාරයක සබඳතාවක් ඇත්දැයි සොයා බැලීම සිදුකරමින් පවතී.
එමෙන්ම සේයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු මීට පෙර පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එම සැකකරුවන් දෙදෙනා සේයා ඝාතනයට සම්බන්ධ වූ බවට මෙතෙක් සාක්ෂි කිසිවක් හෙළිවී නොමැති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
Hiru
Post a Comment