බිරිය සිහිකරන්න
මිනි ටජ් මහලක් හැදූ
විශ්‍රාමිකයා
ඉන්දියාවේ පිහිටි සුප්‍රකට ටජ් මහල් මන්දිරය සිය මියගිය බිරිය සිහිකරන්නට සාජහාන් අධිරාජයා තැනූ බව ප්‍රකටය.
මේ අනුව යමින් තමන්ගේ මියගිය බිරිය සිහිකරන්නට කුඩා ප්‍රමානයේ ටජ් මහලක් තනන්නට ඉන්දියාවේ ෆවුසුල් හසාන් ක්වාද්‍රි නමැති විශ්‍රාමික සැමියෙකු පියවර ගෙන තිඛෙනවා. ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි කසර් කලාන් නමැති ගමෙහි තමන්ට අයත් ඉඩමක මෙම පුද්ගලයා මෙම නිර්මාණය සාදවා ඇත.
මෙය සෑදීමට වසර 3 ක් ගතවී ඇති අතර ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 235 ක් පමණ ඔහු වැය කර ඇත. එම වියදමට සිය ජීවිත කාලය පුරා උපයාගත් මුදල් හා බිරියගේ කනකර විකුණා ඉඩම් විකුණා ලබාගත් ධනය යෙදවූ බව ඔහු කියා ඇත.
80 හැවිරිදි ෆවුසුල්ගේ බිරිය මියගොස් ඇත්තේ උගුරේ හටගත් පිළිකා ආසාධන තත්වයක් නිසාය. ඔවුන් අතර විවාහ ජීවිතය වසර 53 ක් වූ බවත් ඇයට ඔහු පණමෙන් ආදරය කළ බවත් කියැවුණා. ඔවුනට දරුවන් නොමැතිවූ නිසා තමන් ඇය හා එක්ව දුක් මහන්සියෙන් උපයාගත් මුදල්වලට අනාගතයේ අගයක් නැති බව කල්පණා කළ බවත් ඇය සිහිකිරීමට සිහිවටනයක් තැනීමට ඒ අනුව සිත් පහළවූ බවත් ඔහු පවසා ඇත. මිනි ටජ්මහල ප්‍රකට ටජ්මහලේ ආකෘතිය අනුව තනා ඇත්තේ ඔහුගේ බිරියගේ සොහොන අසලය. මේ අතර ෆවුසාල් ඔහුගේ ඥාතීන්ට දන්වා ඇත්තේ තමන්ද තව ටික කලකින් මියගිය පසුව බිරියගේ සොහොන අසළ තමන්ද තැන්පත් කරන ලෙසයි.
Post a Comment